ස්විට්සර්ලන්තයෙන් යාපනයට පැමිණි පූජකවරයෙකුට කොවිඩ්

ස්විට්සර්ලන්තයෙන් යාපනයට පැමිණි පූජකවරයෙකුට කොවිඩ්
March 22 18:18 2020 Print This Article

ස්විට්සර්ලන්තයේ සිට COVID19 ආසාදනය වී පැමිනි පූජකවරයා
ගමන්ගත් මාර්ගය…..

‼️මාර්තු 10 උදේ 9.00ට කටුනායක ගුවන්තොටුපොල

‼️එදිනම අනුරාධපුර මැන්ගෝ මැන්ගෝ හෝටලය, පලතුරු බීම එකක් පානය කර විවේක ගෙන ඇත.

‼️යාපනය, අරියාලෙයි පල්ලියේ එදින රාත්‍රී නවාතැන් ගෙන ඇත.

‼️ පල්ලිය අසල වාසය කරන ඔහුගේ සහෝදරයන් සහ නෑයන් විසින් ආහර සපයා ඇත.

‼️මාර්තු 13 දින, ඔහු යාපනය HNB එකට සහ සිග්නල් හන්දියේ කන්කසන්තුර පාරේ මාකට් එකට ගොස් ඇත.

‼️මාර්තු 15 දින යාපනය philadelphia පල්ලියේ දේව යාඥාව පවත්වා ඇත. මෙම යාඥාවට 250ක පමණ පිරිසක් සහභාගිව ඇත. එම පිරිස් නවට්කුලි, යාපනය, මනිපායි, නල්ලූර් ප්‍රදේශ වල පදිංචිකරුවෝ බව සදහන්ය.

‼️මාර්තු 15 යාපනයෙන් රාත්‍රී 10ට කුලී රථයකින් පිටවී ඇත.

‼️එන අතරතුර , රාත්‍රියේ රියදුරු මුරුකන්ඩි පන්සල අසල නවතා ගිමන් හැර ඇත.

‼️මාර්තු 16 උදේ 5.30ට පමන ඩුබායි බලා පිටත්ව ගොස් ඇත…

මොහු සමග ගැටුනු කෙනෙක් වේ නම්, වහාම සෞඛ්‍ය අංශ අමතන්න. 1999 හෝ 0212217278 අංකය අමතන්න.


ගිහාන් සමීර ගාල්ලගේ මහතාගේ ගිණුමෙනි..

March 21, 2020 4:18 pm

විස්ටර්ලන්තයෙන් යාපනයට පැමිණ පූජාවක් පැවත්වූ පූජකවරයෙකුට කොවිඩ් වැළදී ඇති අතර එම පූජාවට සහභාගී වූ යාපනයේ 150 ක් සොයා ආරක්ෂක අංශ විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඉන් දෙදෙනෙකු මේ වන විට රෝහල්ගතව සිටියි.

යාපනය අරියාලෙයි ප්‍රදේශයේ පිහිටි ස්විස් දේවස්ථානයක මෙම පූජාව පවත්වා තිබේ.

එම පූජකවරයා සමීපව ඇසුරුකළ පිරිසෙන් පුද්ගලයින් දෙදෙනෙකුට ශරීරයේ ඇති වූ උණසහිත රෝග ලක්ෂණයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බවටත් එම දෙදෙනාට නිශ්චිතවම කොවිඩ් ආසාදනය වී ඇත්දැයි මෙතෙක් කීමට නොහැකි බැවින් පරික්ෂණ කටයුතු සිදු කරන බවටද යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සත්‍යමූර්ති මහතා පැවසුවේය.

යුදහමුදාව, පොලීසිය, ග්‍රාමසේවකවරුන් සහ මහජන සෞඛ්‍ය නිලධාරීන් විසින් මෙම සෝදිසි මෙහෙයුම දියත් කොට ඇති අතර ඇතම් බැතිමතුන් පිළිබඳව මේ වන විටත් තොරතුරු ආරක්ෂක අංශ වෙතට ලැබී ඇති බවට උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යලය පවසයි.

මෙම පුජකවරයා එම ආගමික උත්සවය අවසන් කොට යළි ස්විට්සර්ලන්තය බලා පිටව ගොස් ඇති අතර පසුව ඔහුට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරුවී ඇති අතර මේ වන විට ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවට වාර්තා වෙයි.

එමෙන්ම එම ආගමික උත්සවය පැවති ස්ථානයේ ඇති සී.සී.ටී.වී. කැමරා උපයෝගී කර ගනිමින් පූජාවට සහභාගී වූ අදාළ පුද්ගලයින් හඳුනා ගැනීමේ කටයුතු සිදුකරන බවත් එම ආගමික උත්සවය සඳහා පැමිණි පිරිස් ඇත්නම් ඔවුන්ට වහාම ස්වයං නිරෝධායනය වන ලෙසත් උතුරු ආණ්ඩුකාර කාර්යාලය විසින් දැනුම් දී ඇත.

– වව්නියාව මධුශංක අමරසිංහ

  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment