කොරෝනා වෛරස ආසාදිතයන්ට මුහුණ දීම උදෙසා ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග කිහිපයක්

March 21 15:56 2020 Print This Article

අවශ්‍ය වුවහොත් එක් දිනක් තුළ පමණක් සැක සහිත රෝගීන්ගේ සාම්පල් 2000ක් පමණ පරීක්ෂා කළ හැකි තැනට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ධාරිතාව ඉහළ නංවා ඇත. මීට අමතරව ජයවර්ධනපුර රෝහල තුළද මෙවැනි ම හැකියාවක් වර්ධනය කර ඇත.

රෝගීන් 5000කට එකවර ප්‍රතිකාර කළ හැකි ලෙස රෝහල් ධාරිතාව වර්ධනය කරමින් තිබේ.

දිනකට මුහුණ ආවරණ එක්ලක්ෂ හැට දහසක් (160,000) පමණ දේශීයව නිෂ්පාදනය කිරීමට පෞද්ගලික අංශයේ සහාය ඇතිව මේ වන විටත් ආරම්භ කර ඇත.

ප්‍රතිකාර කිරීමේ දී වෛද්‍යවරුන් භාවිත කරන ආරක්ෂණ ඇඳුම් ආයිත්තම් දේශීයව නිෂ්පාදනය කිරීම මේ වන විටත් සිදුවෙමින් තිබේ. ඒ පුද්ගලික අංශයේ මහාපරිමාණ සමාගමක සහාය ඇතිවය. මෙය අනුරාධපුර රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය උදය කුමාරගෙ නව නිපැයුමකි.

මේ තාක් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශාල අඩුවක්ව පැවති ආරක්ෂිත සාම්පල් බැහැර කිරීමේ යන්ත්‍රයක් අද දින අදාළ ආයතනයට ලබා දීමට නියමිත ය.

නිරෝධායනයට ලක්විය යුතු පිරිස් සොයා, දැනුවත් කොට අදාළ ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීම සඳහා දිවයින පුරා බුද්ධි අංශ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

ජාතිය, ආගම, දේශපාලනය හෝ වත්පොහොසත්කම් අදාළම නැත. ඔබේ සහ රටේ ආරක්ශාව තකා වගකීමෙන් හැසිරෙන්න.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment