කොරෝනා ගැන ෆොන්සේකා ගේ කථාවට විරුද්දව පැමිණිලි

March 19 11:03 2020 Print This Article

සිංහලේ සංවිදානය විසින් පොලිස් මූලස්ථානය වෙත කරන ලද පැමිණිල්ලක් මෙහි දැක්වෙයි.

සිංහලේ සංවිදානය
ජාතික සංවිදායක
ප්‍රදීප් සංජිව පෙරේරා
1068/ඒ දකුණු තලංගම
දෙනිය පාර
කුමාරගේවත්ත
බත්තරමුල්ල

වග උත්තරකරු – ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා මහතා
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

2020-03-17 වන දින දීය

ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා මහතාට එරෙහි පැමිනිල්ලයි

ගරු වැඩබලන පොලිස්පතිතුමා
පොලිස් මූලස්ථානය
කොළඹ – 01

ඉහත නම් සදහන් වග උත්තරකාර තැන විසින් ප්‍රසිද්ද මාද්‍ය සාකච්චාවක් කැදවමින් දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තියත් , එහිම කියවෙන xiv වන පරිච්චේදයේ කියවෙන 261, 262 , 263 හා 264 යන වගන්තීන් උල්ලංගනය කරමින්ද , පරිඝනක අපරාද පනතේ 6 වන වගන්තියද උල්ලංගනය කරමින් කටයුතු කල ආකාරය ඔබ විසින්ද නිරීක්ෂණය කර ඇතැයි සිතමි .

” තුන්දෙනෙක් මිය ගිහින් , දොළොස් දෙනෙක් හදුනගෙන තියෙනවා, 400 කට පන්සියයකට කොරෝනා බෝ වෙලා ඇති ” බව සදහන් එම ප්‍රකාශ ඉතා බරපතල ගනයේ ඒවා වන බව ඔබට මතක් කරදීමට සිදුව ඇත්තේ දේශපාලන බලය , මුදල් බලය හා සමාජ බලය හා සමාජ සම්බන්දතා ඇති පුද්ගලයන්ට නීති පොත් කියවීම හා පොත පෙරලීම අවස්ථානුකූල හා පුද්ගලරූපී ලෙස ඔබ ක්‍රියාවට නංවන බැවිනි. මෙම වරදටම ඔබ දෙපාර්තුමේන්තුව විසින් මේ වන විටත් කරන වෑමියකු හා ත්‍රි රෝධ රථ රියදුරකු අත්අඩංගුවට ගෙන නීතියේ ක්‍රියාවේ යොදවමින් ඇත.

කරණවෑමිවරුන්ට එරෙහි නිතිය ත්‍රිරෝධරථ රියදුරන්ට එරෙහි නීතිය දේශපාලකයන්ට එරෙහිව ක්‍රියාත්මක නොවීම පිලිබදව ඔබට නිලධාරියකු ලෙස ලැජ්ජාවක් බව සිතෙන්නෙම නැද්ද ? නිමින්ද ප්‍රියදර්ශන සහා දුෂ්මන්ත අමිල යන සැකකාර පුද්ගලයන් දෙදෙනාටත් වඩා බරපතල අන්දමින් ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා මහතා විසින් නිතිය කඩකර ඇති බවක් ඔබට නොදැනෙන්නේද ?. ඊට අදාළ සියලු රුපවාහිනි දර්ශන මේ සමග යොමු කරන අතර මේ පිලිබදව වාර්තා කරන පැමිණිලිකරුවන් වන අපව මාස ගණනකට පසු ගෙන්වමින් වැඩිදුර ප්‍රකාශ සටහන් කිරීමට අවශ්‍ය බව පවසමින් පොලිසිය කරන රංගනය නවතා දමා දැන් හෝ නීතිය සැමට සමාන ලෙසද ක්‍රියාවට නංවන ලෙස ඉල්ලා සිටිමි. කොරෝනා සම්බන්දයෙන් වන ව්‍යාජ තොරතුරු ගලායාම සම්බන්දයෙන් පොලිස් දෙපාර්තුමේන්තුව , අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පරිඝනක අපරාධ අංශයද වගකිවයුතු බවද කිව යුතුමය.

මිට සමාන සිද්දියක් සම්බන්දයෙන්ද ඔබතුමා වෙත යොමුකළ පැමිණිල්ලක්ද මේ සමග යොමුකරමි

සිංහලේ සංවිදානය
ජාතික සංවිදායක
ප්‍රදීප් සංජිව පෙරේරා
1068/ඒ දකුණු තලංගම
දෙනිය පාර
කුමාරගේවත්ත
බත්තරමුල්ල

  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment