ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය ජනපති හෙළිකරයි

March 05 08:35 2020 Print This Article

වත්මන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ප්‍රධානතම අභියෝගය කඩිනම් ආර්ථික සංවර්ධනයක් අත් කර ගැනීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. පසුගිය කාළසීමාවේදී රට මුහුණදුන් ආරක්ෂාව සම්බන්ධ ගැටලු බොහොමයක් උද්ගත වූයේ වරප්‍රසාද රහිත ජන කොටස් ආර්ථික සූරාකෑමට ලක්වීම නිසා බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සදහන් කලේ. ජාතිය, ආගම, භාෂාව හෝ ජීවත්වන ප්‍රදේශය නොසලකා සමාජයේ සියලු දෙනාට සම ආර්ථික ඉඩ ප්‍රස්තා සැලැසිය හැකිනම් මෙවන් භේද යලි ශ්‍රී ලංකාව තුළ මතු නොවනු ඇතැයි යන්න ජනාධිපතිවරයාගේ ස්ථාවරයයි. තමා යෝජනා කර ඇති ජනතා කේන්ද්‍රීය ආකෘතිය මේ සාධකය සැලකිල්ලට ගෙන සකස් වූවක් බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ. ආර්ථික ප්‍රගතියේ ප්‍රතිලාභ විශේෂයෙන්ම සමාජයේ දිළිදු ප්‍රජාව වෙත ලගා විය යුතු බවත් ඔවුන් දිළිඳු බවින් මුදාගෙන ආර්ථිකයේ සාධනීය දායකයන් බවට පත් කර යුතු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. නවීන ඩිජිටල් යුගයේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි ඉහළ මට්ටමේ නිපුණතාවන්ගෙන් සන්නද්ධ පිරිසක් නිර්මාණය කළ යුතු බව රජයේ දැක්මයි. තාක්ෂණය පාදක කරගත් ආර්ථිකයක වඩා ප්‍රශස්ත රැකියා අවස්ථා සඳහා අවශ්‍ය නිපුණතා සංවර්ධනය ජනතාවට පහසු කිරීමේ අභියෝගය තම රජය භාරගෙන තිබෙන බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ. ඔහුගේ මතය වන්නේ පාසල්, පුහුණු ආයතන හා විශ්ව විද්‍යාලවලින් බිහිවන ශ්‍රම බලකාය සහ රැකියා වෙළඳපොල ඉල්ලුම අතර සැලකිය යුතු නොගැලපීමක් පවතින බවයි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය මුහුණ දී සිටින පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟය එය පෙන්නුම් කරන එක් අවස්ථාවක් බවද මෙහිදී සදහන් කෙරුණා. ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ අනවශ්‍ය සීමා ලිහිල් කර හෝ ඉවත් කර බාධා විරහිත ආර්ථික ක්‍රියාකාරීත්වයට ඉවහල් වන පරිසරයක් නිර්මාණය කිරීම තම රජයේ ප්‍රමුඛතාවක් බවයි.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment