කොරෝනා නිසා ඉතාලියේ සියලු පාසල් වැසේ

කොරෝනා නිසා ඉතාලියේ සියලු පාසල් වැසේ
March 05 08:14 2020 Print This Article

කොවිඞ්-19 හෙවත් නව කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාම හමුවේ සියලුම පාසල් සහ විශ්ව විද්‍යාල අද සිට දින 10 කට වසා තැබීමට ඉතාලිය තීරණය කර තිබෙනවා. එමෙන්ම පාපන්දු තරග ඇතුලු සියලු ප්‍රධාන පෙලේ ක්‍රීඩා ඉසව් ප්‍රේක්ෂකයන් නොමැතිව පැවැත්වීමටයි එරට රජය දැනුම් දී ඇත්තේ. මේ වනවිට ඉතාලියෙන් වාර්තා වී ඇති කොවිඞ්-19 මරණ සංඛ්‍යාව 107 ක්. තවත් 3089 කට වෛරසය වැළඳී ඇතැයි තහවුරු කරගෙන අවසන්. මේ අතර ප්‍රංශයෙන්ද ගතවූ පැය 24 තුළ තවත් ආසාධිතයන් 89 දෙනෙකු හමුවී තිබෙනවා. පවතින තත්වය සම්බන්ධයෙන් අමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමග තමන් ඊයේ දිනයේදී විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වූ බවයි ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් කියාසිටියේ. අද වනවිට නව කොරෝනා වෛරසය පැතිරී ඇති රටවල් සංඛ්‍යාව 82 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර වෛරසය දැඩිව පැතිරී ගොස් ඇති ඉරානයේ රාජ්‍ය නිලධාරීන්ට නැවත දැනුම් දෙන තුරු රටින් පිටවීම එරට රජය විසින් තහනම් කර තිබෙනවා. මේ අතර නව කොරෝනා වෛරසය මිනිසුන්ගෙන් සත්වයන්ටද බෝවන බව අනාවරණ වී තිබෙනවා. ඒ වෛරසය ආසාධිත සුනඛයෙකු හොංකොං රාජ්‍යයෙන් සොයාගැනීමත් සමගයි. මේ වනවිට නව කොරෝනා වෛරසය වැළඳීමෙන් පුද්ගල මරණ 3285 ක් සටහන් වන අතර ආසාධිතයන් සංඛ්‍යාව 95 දහස් 332 දක්වා ඉහළගොස් තිබෙනවා.

  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment