රාජ්‍ය බැංකුවල සාමාන්‍යාධිකාරීවරුන් පත් කිරීම් පිළිබද සේවකයන් කනස්සල්ලෙන්…

March 03 08:38 2020 Print This Article

රාජ්‍ය බැංකුවල සාමාන්‍යාධිකාරීවරුන් අවිධිමත් ලෙස පත් කිරීම් අත්හිටුවන්නැයි සමස්ත ලංකා බැංකු සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා. ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා වෙත ඔවුන් යොමුකළ ලිපියක දැක්වෙන්නේ රාජ්‍ය බැංකුවල සාමාන්‍යාධිකාරී තනතුර සදහා පුද්ගලයින් පත් කිරීමේදී පවතින ක්‍රියා පටිපාටිය වත්මන් රජය විසින් සම්පූර්ණයෙන්ම උල්ලංඝණය කරමින් සිටින බවයි. ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය සාමන්‍යාධිකාරීවරයා හෝ ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය මහා කළමණාකරු මෙම තනතුරට පත් කිරීම සිදු වන අතර / එයද අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කරමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කිරීමෙන් අනතුරුව සිදුකිරීම සම්ප්‍රදායයි. එහෙත් එම ක්‍රියා පිළිවෙතින් බැහැර වී ඇති වත්මන් රජය / රාජ්‍ය බැංකුවල සාමාන්‍යාධිකාරී ධුරය දේශපාලන පත්කිරීමක් බවට පත්කර ඇති බවට සමස්ත ලංකා බැංකු සේවක සංගමය චෝදනා කරනවා. රජයේ මෙම ක්‍රියා කළාපයට එරෙහිව දැනටමත් රාජ්‍ය බැංකු කිහිපයක සේවක විරෝධතා ආරම්භ වී ඇති බවත් තම සංගමයද එම විරෝධතාවලට පූර්ණ සහය ලබාදෙන බවත් සමස්ත ලංකා බැංකු සේවක සංගමය නිකුත්කල නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment