උකුස්සක් රජ කරන්දී කොරෝනා ආවානම් හැසිරෙන ආකාරය බලාගන්න තිබූනා – විමල්

March 02 08:07 2020 Print This Article

ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අරමුණු සහ පරමාර්ථ වලට ඔහු බලාපොරොත්තු වෙන දේශපාලන සංස්කෘතියට ගැළපෙන මිනිසුන්ගෙන් පිරුණු පාර්ලිමේන්තුවක් ඉදිරි මහ මැතිවරණයෙන් පසු නිර්මාණය වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කිටා සිටියේ උත්සව අවස්තාවක් අමතමිනි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරන ලද ‘උකුසු’ ප‍්‍රකාශයටද ඔහු එහීදී ප‍්‍රතිචාර දැක්වීය.

උකුස්සක් රජ කරන්දී කොරෝනා ආවානම් හැසිරෙන ආකාරය බලාගන්න තිබූ බවත් පාස්කු ප‍්‍රහාරය දැනගෙන සිටි උකුස්සන් එය වලක්වා නොගෙන බකන් නිලාගෙන සිටි බවත් පැවසීය.

මීළඟ මහ මැතිවරණයේදී උකුස්සන් හා කටුස්සන් ගෙදර යැවිය යුතු බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දී තිබෙන ආදර්ශය අනුව රටට අවශ්‍ය කරන රට වෙනුවෙන් කැපවන පුද්ගලයන් පාර්ලිමේන්තුව එවීමට ජනතාව තීරණය කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

1 Comment

  1. Kumara
    March 06, 22:31 #1 Kumara

    දියකාවෙක් මාලුවෙක් ඩැහැගෙන ආවලු ගලක් උඩට.

    මාලුවා කන්ඩ හදනකොට, උකුස්සෙක් ඇවිල්ලා දියකාවා ගේ මාලුවා උදුරන් ගියාලු.

    මේ කතා හොඳයි ජහපාලන ගොබ්බයන්ට ම.

    හරි උකුස්සෙක් ආවා නං දියකාවත් එක්ක ම අරන් යන්නෙ.

    හිටං දැකලා තියෙන්නෙ උකුස්සෙක් නෙවෙයි.
    බකුස්සෙක්.

    ඇත්තට ම 2015දි හිටං වගේ ගොබ්බයෙකුට, ජනාධිපති වෙන්ඩ ඡන්දෙ දීපු කේප්පයොත් හිටිය නේ, මේ රටේ.

    Reply to this comment

Add a Comment