විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතයි

February 26 12:34 2020 Print This Article

විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය ඇමතීමට නියමිතව තිබෙනවා.
පැවති රජය සම අනුග්‍රාහකත්වය සපයන ලද යෝජනා 2 කින් ඉවත්වීමට වත්මන් රජය ගෙන ඇති තීරණය ඔහු එහිදී නිල වශයෙන් දැනුම්දීමට නියමිත බවයි විදේශ සබඳතා අමාත්‍යංශය සඳහන් කළේ.
ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂ්ලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කල වාර්තාව හෙට දිනයේදී සාකච්ඡාවට ලක් කෙරෙනවා.
එම වාචික කරුණු දැක්වීම්වලට ද දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රතිචාර දැක්වීමට නියමිත බවයි විදේශ අමාත්‍යංශය සඳහන් කලේ
ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා ලබන සිකුරාදා දිනයේදී ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂ්ලේ මහත්මිය හමුවීමට නියමිතයි
ජිනීවා මානව හිමිකම් සමුලුවේ 43 වන සැසිවාරය සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිසට රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාද අයත්.
විදේශ අමාත්‍යංශ ලේකම් රවිනාථ ආරියසිංහ / ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ / නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ / විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුවන එම් ආර් කේ ලෙනගල මහතා ඇතුලු නිළධාරින් කණ්ඩායමක්ද මෙවර මානව හිමිකම් සැසිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවී සිටිනවා.
මෙම සංචාරය තුළදී දිනේෂ් ගුණවර්ධන මහතා අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරයා ඇතුලු පාර්ශව කිහිපයක් සමගද සාකච්ඡා පැවැත්වීමටයි සූදානමින් සිටින්නේ.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment