මට නීතියට පිටින් වැඩ කරන්න බෑ.. කියන – ගම්පහ දිසා වන නිලධාරිනි මහත්මියටත් ‍‍චෝදනා…

මට නීතියට පිටින් වැඩ කරන්න බෑ.. කියන – ගම්පහ දිසා වන නිලධාරිනි මහත්මියටත් ‍‍චෝදනා…
February 16 16:55 2020 Print This Article

මීගමුව කලපුව සංවර්ධන කමිටු රැස්වීමේදී වනජීවී නිලධාරීනි දේවානි ජයතිලක මහත්මිය අදාල අමාත්‍ය වරයා සමග සාකච්ඡා කල අයුරු කෙතරම් දුරට නිවැරදිදැයි බුද්ධිමත්ව විමසා බැලිය යුතුය.

ගම්පහ දිසා වන නිලධාරිනීය වන ඇය මෙන්ම රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා යන දෙපාර්ශ්වයම බැඳී සිටින්නේ රජයට තමන්ගේ සේවය නිසි පරිදි ඉටු කිරීමටය.

තමාට නීතියට පිටින් වැඩ කිරීමට නොහැකි යැයි පවසන එම නිලධාරිනියට, ‍ගමිපහ දිසා වන නිලධාරිනිය ලෙස සේවය කරමින් සිටියදී රාජකාරි පැහැර හැරීම් කිහිපයක් සඳහා මින් ඉහතදී චෝදනා පවා ලිඛිතව ඉදිරිපත් කර ඇත.

 2015 වර්ශයේ දී අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම නායක ස්වාමීන් වහන්සේට ආචාරශීලී නොවන ලෙස කතා කිරීම මෙන්ම ගම්පහ දිසා වන නිලධාරී කාර්යාලයේ සේවය කරනු ලබන නිලධාරීන්ට අසංවර ලෙස කතා කිරීම මෙන්ම සේවය කරනු ලබන තම ඉහළ නිලධාරීන්ට අශෝභන ලෙස කතා කිරීම නිසා චෝදනා ලබා සිටින නිලධාරිනියකි.

මෙලෙස මෙලෙස චෝදනා පත්‍රයක් ලබා සිටින අදාල නිලධාරිනිය එම චෝදනා විභාග කරන රාජ්‍ය සේවා කොමිස‍මේ විමර්ශන නිලධාරීන්ට පවා බැනවැදීම් සිදුකරමින් කටයුතු කරන තැනැත්තියකි.

මෙම චෝදනා පත්‍රය විභාගවන අතරතුර ඇය විසින් විමර්ශන නිලධාරීන්ට අවස්ථා කිහිපයක දී බැන වැදීම හේතුවෙන් නිලධාරීන් අදාළ විමර්ශන කටයුතුවලින් පවා ඉවත්ව ගොස් ඇත.

මෙතරම් ආවේගශීලීව කතා කරන විට දී පවා, කිසිදු වචනයකුදු නොපවසා මනා සංයමයකින් යුතුව අදාල අමාත්‍යවරයා ඊට සවන් දීමට තරම් හැකියාවක් ඇති අයෙකු වීම පැසසුම් කලයුතු ක්‍රියාවකි.

කෙසේ වුවද, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනය යටතේ රාජ්‍ය නිලධාරීන්ට තම වගකීම් ඉටු කිරීමේදී නොබියව අදාළ කරුණු දැක්වීමට පවා හැකියාවක් මෙන්ම සුරක්ෂිතතාවයක් ඇති බව මෙම සිද්ධිය මගින් සනාථ වේ.

  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment