යාපනය සරසවියේ කිළිනොච්චි මණ්ඩපය ජ්‍යෙෂ්ඨ සිසුන්ට තහනම්

February 10 07:23 2020 Print This Article

යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපය අද සිට එහි සියලු ජ්‍යෙෂ්ඨ සිසුන්ට තහනම් කලාපයක් බවට පත් කර තිබෙනවා.

එම මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් නවක සිසුන්ට සිදුකල බව කියන ලිංගික හිංසන නවක වද සිද්ධියක් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සිදු කරන පරීක්ෂණ අවසන් වන තුරුයි මෙම තහනම පණවා ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ සිසුන් අට දෙනෙකු මේ වන විට හදුනාගෙන තිබෙනවා.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් කොමිසමට තොරතුරු ලබා දුනහොත් යළි විශ්ව විද්‍යාල භූමියට පැමිණිමට ඉඩ නොදෙන බවට සදහන් කරමින් ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක සිසුන්ට තර්ජනය කර ඇති බවයි නිව්ස් රේඩියෝ වාර්තාකරු සදහන් කලේ.

ඒ අනුවයි යාපනය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ට සිසුන්ට කිලිනොච්චි මණ්ඩපය තහනම් කර ඇත්තේ.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment