කොරෝනා මරණ 904 ට නගී – හොංකොං නැවේ 3600 ක පිරිසකට පිටතට යන්න අවසර

කොරෝනා මරණ 904 ට නගී – හොංකොං නැවේ 3600 ක පිරිසකට පිටතට යන්න අවසර
February 10 06:42 2020 Print This Article

නව කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 904 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආසාධිතයන් ගණන මේ වනවිට 37000 ඉක්මවා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ

ඊයේ දිනයේදී චිනයේ හුබෙයි ප්‍රාන්තයෙන් නව ආසාධිතයන් 2618 දෙනෙකු සොයාගෙන තිබෙනවා.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් අද චීනය බලා පිටත්ව යාමට නියමිතයි.

එමෙන්ම දින 4 ක් පුරා හොංකොං හි නැංගුරම් ලා ඇති වර්ල්ඞ් ඩ්‍රීම් ෂිප් ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවේ සිටින මගීන් 3600 කට පමණ ඉන් පිටව යාමට බළධාරීන් අවසර දී තිබෙනවා.

ඒ ඔවුන්ට වෛරසය වැළඳී නැතැයි තහවුරු වීම හේතුවෙන්.

කෙසේවෙතත් ජපානයේ යොකොහමා වරාය අසල නැංගුරම් ලා ඇති ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවේ කසිවෙකුට මෙතෙක් පිටතට යාමට අවසර ලැබී නැහැ.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment