අත් කොට කමිසයක් ඇදගෙන පීසා කන්න කඩේට වගේ – ෆොන්සේකා

February 08 07:53 2020 Print This Article

ජනාධිපති හමුදා ලාංඡන පැලදීම ගැන දැඩි විවේචන

විශ්‍රාමික හමුදා නිලධාරීන්ට තමන් විසින් දිනූ හමුදා නිල ලාංඡන පැළඳිය හැක්කේ ඒවා පැලඳීමට අවසර ඇති අවස්ථාවන්ට පමණක් යයි හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

පසුගිය නිදහස් දින උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් විසින් දිනූ නිල ලාංඡන පැලද සිටීම ගැන මාධ්‍ය හමුවකදී කරන ලද විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.

හමුදා නිල ලාංඡුන හැම තැනටම හැම ඇදුමටම පලදින්නේ නැති නැති බවද කී ඔහු එම නිල ලාංඡන පැලඳීමේදී සම්මත ඇඳුමක්ද පවතින බවද සඳහන් කළේය.

පීසා කන්න කඩේට යන ආකාරයෙන් හෝ කොට කලිසමක් අත්කොට කමිසයකට නිල ලාංඡනය පැළඳිය නොහැකි බවද ඔහු තවදුරටත් පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment