ගෝඨාභයට 2/3ක බලය නැති කරන්න මෛත්‍රිව දිය කරන්න පොහොට්ටු,එජාප සැලසුමක්

by Jehan | February 7, 2020 7:57 am

ගෙවුනු සතිය තුලදි මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොදුජන පෙරමුණ මෙන්ම එක්සත් ජාතික පක්ෂයද නොකඩවා ප්‍රහාර එල්ල කරමින් පවති.එක්සත් ජාතික පක්ෂය සහ පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරු ඉතා සුහදව කරන එකම දෙය මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මත බෝම්බ පිට බෝම්බ හෙලිමය.

මෛත්‍රිට ගහන්නේ ඇයි

මේ කතාව බාහිරෙන් ජනතාව දැක ඇත.නමුත් ඉතා කෙටි කලක් තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආ විරෝධය පිලිබදව අපට දේශපාලනයේ විශ්වාසාදායි මෙන්ම පිලිගත හැකි ඉහලම පෙලේ දේශපාලකයින්ගෙන් කරුණු වාර්තා විය.

මෙහි ආරම්භය සිදු වී තිබේන්නේ ජනාධිපති ගෝටාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සති කිහිපයකට පෙර පැවැත්වු පොදු ජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්විමකදිය.

එහිදි අගමැතිවරයා මෙන්ම මැති ඇමතිවරුන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකේ කොලයට දමා කතා කරන්නට විය. එයට ගෝඨාභය රාජපක්ෂ මහතා විරෝධතාවය පළ කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තු න්ත්‍රීවරයෙකු වූ එස් බී දිසානායක මහත්මිය ඇතුළු බොහෝ පිරිසක් පොහොට්ටුවේ න්ත්‍රීන්ට වඩා වැඩි වශයෙන් ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විවේචනය කොට තිබෙනවා.

නාමල් රාජපක්ෂගේ විජේරාම නිවසේ පොකට් රැස්වීම

තවද නාමල් රාජපක්ෂ න්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් විජේරාම නිවසේ පැවති රැස්වීමකදී රොෂාන් රණසිංහ ඩි වි චානක ෂෙහාන් සේමසිංහ ඇතුළු සුපෙළ මන්ත්‍රීවරු කණ්ඩායමක් සහ ළාත් සභා මන්ත්‍රීවරුන් මෙන්ම ක්‍රියාකාරී තරුණයන් පිරිසක් එක්ව මෙම රැස්වීම පවත්වා තිබෙනවා. මෙම රැස්වීම තුළදීය දැඩි ලෙස ග්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා විවේචනය කොට තිබෙන මෙහිදී වඩාත් අවධානය යොමු වී තිබුණේ මචෝ පරීක්ෂණය ජනාධිපතිතුමා දේශපාලනිකව දුර්වල කිරීම සඳහා ත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව පොහොට්ටුව පක්ෂයෙන් තා නොකර එක්සත් ජාතික පක්ෂයේ හිතවත් මන්ත්‍රීවරුන් පාවිච්චි කොට එය හිටපු ජනාධිපතිවරයාගේ ගිණුමට බැර කිරීමට කටයුතු කළ යුතු බව බොහෝ දෙනාගේ අදහස බවට පත්වී තිබෙනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙන්ම ප්‍රධාන පෙලේ අමාත්‍යවරු ගණනාවක් මෙම ක්‍රියාවලියට විරෝධතාවය දක්වා තිබෙනවා. මෙහිදී කාංචන විජේසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නැගිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේදි දැක්වු සහය පිලිබදව ප්‍රශංසා මුඛයෙන් කතා කරන්නට විය.

ප්‍රසිද්ධියේ අවස්ථා කිහිපයකදී කාංචන විජේසේකර මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිතර විවේචනය කළත් අදාල රැස්වීමේදී ඔහුගේ අදහස් වෙනස්විය
ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා කවුරුත් නොසිතු පරිදි අවස්ථා කීපයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිලිබදව ජනාධිපතිතුමා විසින් දිගින් දිගටම මැතිවරණය තුළදීය තුමාගේ ජයග්‍රහණය ලබාදුන් සහ ගත්තෙ පිළිබඳව මතක කර දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග අනිවාර්යයෙන්ම සන්ධානගතව ඉදිරි මැතිවරණයට යා යුතු බව ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඔහු මේ දිනවල සිදු කරන සැම දේශපාලන කතාවකදිම ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙනුවෙන් ඉදිරි පාර්ලිමේන්තුව තුනෙන් දෙකක බලයකින් ශක්තිමත් කල යුතු බව පවසයි.නමුත් මහින්ද රාජපක්ෂ මහතා කිසිදු තැනකදි ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හට පාර්ලිමේන්තුව තුල තුනෙන් දෙකක බලයක් ලබා දිය යුතු බව පවසා නැත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියාරු කිරිමේ මෙහෙයුම ආරම්භ වන්නේ මේතැන් සිටය.මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සැබැවින්ම මේ මොහොතේ සිතා සිටින්නේ ගෝටාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන අතර යටින් ගේමක් යන බවය.මහින්ද රාජපක්ෂගෙන් ඒ සමගම දුරකථන ඇමතුම් දෙකක් එජාපයට ලැබේයි.ඉන් එකක් රනිල් වික්‍රමසිංහටය.අනෙක් ඇමතුම පාලිත රංගේ බණ්ඩාරටය.ඒනම් මේ මෛත්‍රි ගෝටා හවුල දියාරු කල යුතු බවය.එයට ජනාධිපතිතුමාට නොව මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය දියාරු කල යුතු බවට ඔවුන් ඒකගතාවයකට පැමිණ ඇත.ඒම කොන්ත්‍රාත්තුව මේ දිනවල විවිධ අයුරින් නිරුපණය වෙමින් පවති.

නමුත් මෙහි බරපතලම කාරණය මෙය නොව.යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කිරිමට සිදු වුවහොත් ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කණ්ඩායම වන වියත් මගේ පිරිස හට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා ලබා දිමේ තිරණයකට ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තිරණය කර ඇත

Source URL: https://lankanewshits.net/2020/02/07/%e0%b6%9c%e0%b7%9d%e0%b6%a8%e0%b7%8f%e0%b6%b7%e0%b6%ba%e0%b6%a7-2-3%e0%b6%9a-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ba-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%b8/