කොරෝනා මඩින්න ජාතික ක්‍රියාකාරී කමිටුවක්

by Jehan | January 27, 2020 10:28 am

ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සදහා ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින්.

මෙම කමිටුවේ සාමාජිකයන් සංඛ්‍යාව 15 ක්.

කමිටු සාමාජිකයන්.

මෙම කමිටුවේ විශේෂ රැස්වීමක් අද පස්වරු 5 ට සෞඛ්‍ය අමාතයාංශයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

කොරෝනා වෛරසය පිළිබද ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද මෙහිදී සාකච්ඡාවකට ලක්වනු ඇති.

මේ අතර මෙම කමිටුවට උපදෙස් දීම සදහා තාක්ෂණික වැඩපිලිවෙලක් සකස් කිරීමට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද පෙරවරු 11 ට සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතයි.

Source URL: https://lankanewshits.net/2020/01/27/national-action-committee-to-suppress-corona/