කොරෝනා මඩින්න ජාතික ක්‍රියාකාරී කමිටුවක්

කොරෝනා මඩින්න ජාතික ක්‍රියාකාරී කමිටුවක්
January 27 10:28 2020 Print This Article

ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සදහා ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින්.

මෙම කමිටුවේ සාමාජිකයන් සංඛ්‍යාව 15 ක්.

කමිටු සාමාජිකයන්.

  • ජනාධිපති ලේකම් රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ
  • සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන
  • සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ
  • අතිරේක ලේකම් වෛද්‍ය සුනිල්ද අල්විස්
  • අතිරේක ලේකම් ලක්ෂ්මි සෝමතුංග
  • වෛද්‍ය නිහාල් ජයතිලක
  • විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය
  • ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ජයසේන
  • විශේෂඥ වෛද්‍ය ආනන්ද විපේවික්‍රම
  • බි්‍රගේඩියර් වෛද්‍ය ක්‍රිෂාන්ත ප්‍රනාන්දු
  • වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ සුදත් සමරවීර
  • වෛද්‍ය පබා පළිහවඩන
  • වෛද්‍ය පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ජයරුවන් බණ්ඩාර
  • ගුවන්තොටුපල සමාගමේ සභාපති ජෙනරල් ජී ඒ චන්ද්‍රසිරි
  • ආගමන විගමන පාළකවරයා

මෙම කමිටුවේ විශේෂ රැස්වීමක් අද පස්වරු 5 ට සෞඛ්‍ය අමාතයාංශයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

කොරෝනා වෛරසය පිළිබද ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද මෙහිදී සාකච්ඡාවකට ලක්වනු ඇති.

මේ අතර මෙම කමිටුවට උපදෙස් දීම සදහා තාක්ෂණික වැඩපිලිවෙලක් සකස් කිරීමට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද පෙරවරු 11 ට සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතයි.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment