කොරෝනා වෛරසයෙන් චීනයේ ලාංකිකයන් මුදා ගැනීමේ ක්‍ෂණික මෙහෙයුම විදෙස් මාධ්‍යයේ නොමද පැසසුමට

කොරෝනා වෛරසයෙන් චීනයේ ලාංකිකයන් මුදා ගැනීමේ ක්‍ෂණික මෙහෙයුම විදෙස් මාධ්‍යයේ නොමද පැසසුමට
January 27 05:19 2020 Print This Article

චීනයට බලපා තිබෙන කොරෝනා වෛරස් තත්ත්වය මැද එරට සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති කඩිනම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රසාදය පළකරයි.

චීනයේ වූහන් පලාතේ සිටින ශ‍්‍රී ලාංකික සිසුන් 30ක පමණ පිරිස ගෙන්වා ගැනීමට ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත දැනටමත් සඳහා විශේෂ ගුවන් යානයක් සූදානම් කර ඇත. ඒ සඳහා සම්පූර්ණ වියදම රජය විසින් දරනු ලැබේ.

මේ වන විටත් චීන බලධාරීන් සමඟ ශ්‍රී ලංකා රජයේ බලධාරීන් සාකච්ඡා කරමින් සිටින්නේ ඇතුළුවීමට අත්හිටුවා ඇති ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහායි.

ජනාධිපති කාර්යාලය නිවේදනය කරන්නේ ඉදිරි පැය 48ක කාලය තුල ශ්‍රී ලංකිකයන් පිරිස මෙරටට ගෙන ඒමට බලාපොරොත්තු වන බවයි.

මේ වන විට බොහෝ රටවල් තමන් රටවැසියන් චීනයෙන් ආපසු ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයකට මුහුණ දෙමින් සිටියදී ශ්‍රී ලංකා විසින් ගන්නා ලද මෙම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නොමද ප්‍රසාදය ජාත්‍යන්තර මාධ්‍ය විසින් පල කර ඇත.
මෙතෙක් මේ ආකාරයේ ක්‍රියාමාර්ගයක් ගෙන ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු එවන් රටවල් කිහිපයක් පමණි.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment