අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ පුද්ගලයන්ට කොරෝනා වැළදී නෑ

අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ පුද්ගලයන්ට කොරෝනා වැළදී නෑ
January 26 19:59 2020 Print This Article

කොරෝනා වයිරසය ආසාධනය වී ඇතැයි සැකපිටිඅ අංගොඩ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ පුද්ගලයින් හතර දෙනාගෙන් කිසිවෙකුටත් කොරෝනා වයිරසය ආසාධනය වී නොමැති බවට පරීක්ෂන මගින් අනාවරණය වී තිබෙනවා.

මෙසේ ඇතුළත් කල පුද්ගලයන් හතර දෙනාගෙන් දෙදෙනෙකු චීන ජාතිකයන් වන අතර අනෙක් දෙදෙනා ශ්‍රී ලාංකිකයන් බවටයි වාර්තා වන්නේ.

ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගෙන් එක් අයෙකු චීනයේ ඉගෙනුම ලබමින් සිටි වෛද්‍ය සිසුවියක් වන අතර අනෙක් පුද්ගලයා පිරිමි පුද්ගලයෙකි. කෙසේවුවද මෙම හතරදෙනාටම පවතින්නේ වෙනත් රෝග තත්යවක් විය හැකි බවත් කොරෝනා ආසාදන තත්වයක් හඳුනාගෙන නැති බවත් මූලික සාම්පල වාර්තා අනුව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය මේ වනවිට තහවුරු කර තිබේ.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment