“මට සමාවෙන්න… හිතා මතා කල වරදක් නෙමෙයි… ” – සද්ද විද්ද රංජන්

“මට සමාවෙන්න… හිතා මතා කල වරදක් නෙමෙයි… ” – සද්ද විද්ද රංජන්
January 21 21:05 2020 Print This Article

හඬ පට ප්‍රචාරය වීමෙන් පෞද්ගලිකව හානී වු සියලු දෙනාගෙන් අවංකවම සමාව ඉල්ලන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද ( 21) පැවසීය.
පාර්ලිමේන්තුව අමතමින් රන්ජන් රාමනායක මහතා මේ බව පැවසීය.
වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීවේය.
හඬපට ප්‍රචාරය වීමෙන් හානි වූ සෑම මනුස්සයෙකුටම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සියලුම දෙනාගෙන් මම සමාව ඉල්ලා සිටිනවා.
මම හිතාම හඬපට හෙළිදරව් කළේ නෑ.වචන වෙනස් කරන ජනතාවක් ඉන්න නිසා මගේ ආරක්ෂාවට මා තියාගෙන සිටිය හඬපට මිසක් මම කවදාවත් හෙළිකරලා කාගේවත් පවුල් ජිවිත හා සාමය නැති කරන්න ඒවා හෙළි කළේ නෑ. එක කරන්නේ ලංකාවේ ප්‍රසිද්ධ —– ව්‍යාපාරිකයකුගේ —– නාලිකාවක් කියන එක මම මේ අවස්ථාවේ කියනවා.
මිනිස්සුන්ගේ සල්ලි හොරකන් කරපු හොරොන්ව ඇතුළට දාන්න මිසක් නිදහස් කරන්න නෙමෙයි. අපි ආවේ සියලු දෙනා එකතු වෙලා මේ සටන ජයග්‍රහණය කරමු. මා ළඟ තවත් රටට හංගන සංවාද මේ සභාවේ මා සභාගත කරනවා. මා සමඟ නිර්භයව කතා කළ අගවිනිසුරුවරු, විනිසුරුවරු, රාජ්‍ය නායකවරු මා සමඟ කතා කළා. ඒ අය කිවූ කතා ජනතාවට දැනගැනීමට අයිතියක් තියෙනවා. රාජ්‍ය නායකයාගේ හඬින්ම තියෙනවා. කැබිනට් ඇමැතිවරු ඉන්නවා. කැබිනට් ඇමැතිවරුගේ නෝනලා ඉන්නවා. ඒ අයගේ දරුවන් ඉන්නවා.ඒ අය මට දුක කියලා තියෙනවා. ඒ සියලුදෙනාගේ හඬපට මම සභාගත කරනවා.හැන්සාඩ් එකේ අයට ඒවා මගෙන් ලබා ගත හැකි මම ඒවා පාර්ලිමේන්තුවට ලබාදෙනවා.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment