ආනයනික කිරිපිටි භාවිතයෙන් රෝග 21 කට ගොදුරු වීමේ අවදානමක්

January 15 14:48 2020 Print This Article

අනායනික කිරිපිටි භාවිතා කිරීමෙන් මෙරට දරුවන් සහ ගැබිනි මව්රුන් රෝග 21 කට ගොදුරුවීමේ අවදානමට ලක්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (14 දා) පැවසීය.

කෘති‍්‍රමව සෑදූ පිටි වර්ග කිරිපිටි යන ලේබලය යටතේ තුන්වැනි ලෝකයේ රටවල භාවිතා කිරීම නිසා මෙම රෝගවලට බෝවීමේ අවදානමට ලක්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයද මේ වන විට තහවුරු කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේ (14 දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් හරිත අලූත්ගේ මහතා පැවසීය.

දරුවන් සඳහා ඇදුම, අසාත්මිකතා, කනේ අසාදන අධිරුධිර පීඩනය, ශ්වසන ආසාදන, බුද්ධි මට්ටම අඩුවීම, ස්ථුලතාවය, යකඩ ඌනතා නීරක්තිය, තොටිලි මරණ, දියවැඩියාව, ආහාර දිරවීමේ අපහසුතා, ළමා වියේ ඇතිවන පිළිකා, පාරිසරික අපද්‍රව්‍යන්ට නිරාවරණය වීම, දරුණු විෂබීජ හා හානිකර රසායන ද්‍රව්‍ය, නින්දේදී ඇතිවන හුස්ම ගැනීමේ ආබාධ, දන්තාබාධ හා දන්ත විකෘතිතා යන රෝගත් ගැබිනි මව්වරුන් සඳහා දියවැඩියාව, අධිබර සහ ස්ථුලතාවය, අස්ථි දුර්වලවීම්, පියයුරු, ඩිම්බ කෝෂ හා ගර්භාෂ පිළිකා. අධිරුධිර පීඩනය හා හෘදයාබාධ දරුවන් අතර පරතරය අඩුවීම වැනි රෝගාබාධ ඇතිවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පෙන්වා දී ඇතැයි අලූත්ගේ මහතා කීය.

නවසීලන්තය විසින් දියර කිරි ලෙස 2018 වසරේ 22,150,000 ක් නිෂ්පාදනය කර 21,940,000 ක් පාරිභෝජනය කර ඇති බවත් වාර්තාවල සඳහන්ව ඇතැයිද හෙතෙම කීය.

මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයද බෝනොවන රෝග වලට ආනයනික කිරිපිටිද හේතුවක් වී ඇති බව පාරිභෝගික අධිකාරිය හරහා සිදුකළ පරීක්‍ෂණයකින් හෙළි වී ඇති නිසා ආනයනික කිරිපිටි උවදුර වළක්වා ගැනීම සඳහා ලබන සඳුදා (20 දා) සිට රෝහල් පාසල් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment