ට්‍රම්ප්ගේ අණින් නිළධාරීන් හරහා අකුරටම ඉෂ්ඨ කරන ලද MQ-9 Reaper

January 13 07:34 2020 Print This Article

පසුගියදා ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර දී ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය ගිය ඉරාන සන්නද්ධ හමුදා නායක කසෙම් සොලෙයිමානි මියගියා.

ට්‍රම්ප්ගේ අණින් ක්‍රියාත්මක වූ මෙම ක්‍රියාදාමය නිළධාරීන් හරහා අකුරටම ඉෂ්ඨ කරන ලද්දේ MQ-9 Reaper නම්වූ නියමුවන් රහිත ඩ්‍රෝන් යානයයි. එය නියමුවන් රහිත යානා අතර ඉදිරියෙන්ම සිටින ප්‍රහාරකයායි.

MQ-9 Reaper (රීපර්) යානය ජෙනරල් ඇටෝමික්ස් (General Atomics) සමාගම විසින් නිපදවූවකි. ඝාතන මෙහෙයුම් සහ බුද්ධි තොරතුරු එකතු කිරීම සඳහා මෙය ප්‍රධාන වශයෙන් භාවිතා කෙරේ. අවිවල තිබෙන සුවිශේෂීතාවය, බහුවිධි මෙහෙයුම්, මධ්‍යම ප්‍රමාණයේ උසක සිට මෙහෙයුම් සිදුකිරීම හා සම්භන්ධීකරණ හැකියාව අතින් එය විශිෂ්ඨ යානයකි. පාබල මෙහෙයුම්වලදී සහාය ලබාදීමටද මෙම MQ-9 Reaper ඩ්‍රෝන් යානය යොදාගැනේ. මෙම යානය අවරපෙති වල බලයෙන් පියාසර කරන යානයකි.

මෙහි ඇති විශේෂත්වය

එන්ජින් වර්ගය: Honeywell TPE331-10
පියාපත් කෙරවළ අතර පරතරය: මීටර් 20කි
යානයේ දිග: මීටර් 11කි
උස: මිටර් 3.8කි
උපරිම වේගය: පැයට කි.මි.482කි
උපරිම රැගෙන යාහැකි බර: 4763 kg
ඉන්ධන ධාරිතාවය: 1769 kg
පැටවිය හැකි බර ප්‍රමාණය (අවි හා උපකරණ): ඇතුළත – 386 kg පිටත – 1361 kg
ආවරණය කල හැකි මෙහෙයුම් පරාසය: කි.මී.1852ක්
පියාසර කිරීමේ උස: කි.මී. 15ක් පමණ
ගුවනේ රැදී සිටිය හැකි උපරිම කාළය: පැය 27 – 30ත් අතර
ගෙනයා හැකි අවි වර්ග: AGM-114 Hellfire වර්ගයේ මිසයිල 14ක් හෝ හෙල්ෆයර් මිසයිල 4 හා කිලෝ 250ක් බර ලේසර් මගින් ඉලක්ක කල හැකි බෝම්බ 2ක්ද ගෙනයා හැක. මීට අමතරව AIM-9 Sidewinder වර්ගයේ මිසයිල හා හෙල්ෆයර් මිසයිල වල එකතුවක්ද ගෙනයා හැකිය.
සමන්විත උපකරණ: MTS-B EO/IR, Lynx මල්ට් මොඩ් රේඩාර්, මල්ටි මොඩ් සමුද්‍ර රේඩාර්, ස්වයංක්‍රීය හඳුනාගැනීමේ පද්ධතිය (AIS), SIGINT/ESM system, Communications relay.
කාර්ය මණ්ඩලය: පොළොවේ සිටින අණ දෙන නියමුවන් දෙදෙනෙක් සිටී.
මිළ: ඇමෙරිකානු ඩොලර් මිලියන 16කට ආසන්න වේ.

MQ-9 Reaper යානයකට ගුවන් ගතවීම, ඉලක්කය වෙත පියාසර කිරීම, ඉලක්කය නිරීක්ශණය කරමින් ගුවනේ රැඳී සිටීම (target tracking), ලේසර් කිරණ මගින් ඉලක්කය ආලෝකමත් කිරීම (laser designation of targets) හා මෙහෙයුම අවසානයේ නැවත ගොඩ බැසීම ස්වයංක්‍රීයවම සිදුකල හැකියි. නමුත් රීපර් යානයක් ගුවන් ගත වන මොහොතේ සිටිම පුහුණු නියමුවන් දෙදෙනෙකුගෙන් යුතු කාර්ය්‍ය මණ්ඩලයක් එහි ක්‍රියාකාරිත්වය නිරීක්ශණය කරමින් සිටින අතර ප්‍රහාර එල්ලකිරීම සම්පූර්ණයෙන්ම මෙහෙයුම් මැදිරියේ සිටින නියමුවන්ට පවරා තිබෙනවා. මීට අමතරව ඕනෑම මොහොතක යානයේ පාලනය සියතට ගැනීමටත් නියමුවන් හට හැකියාව තිබෙනවා.

කැමරා 12 කින් එකවර ලබාගන්නා ඡායාරූප/වීඩියෝ දර්ශණ, වෙන වෙනම හෝ, අංශක 360 ප්‍රදේශයක් ආවරණය වන එක වීඩියෝවක්/රූපයක් ලෙස සකසා පාලක මැදිරියට යැවීමේ හැකියාව යානය සතු වෙනවා. එසේ නැත්නම් පාලක මැදිරියේදීත් අවශ්‍ය සැකසුම් කරගැනීමේ හැකියාව තියෙනවා. එම පින්තූර, යුදබිමේ සිටින සෙබළාගේ හෙල්මට් එකේ තිබෙන විශේෂ වීඩියෝ දර්ශන තිරයකට වුනත් යැවීමේ හැකියාව තිබේ. එවිට තම අවට භූමියේ තමන්ට නොපෙනෙන ප්‍රදේශවල සිදුවන දේ ගැන අවබෝධයක් සෙබළාට ලැබෙන අතර ගතයුතු ක්‍රියාමාර්ගය ක්ෂණිකව තීරණයක කිරීමට පහසු වෙනවා. එපමණක් නෙවෙයි යුදබිමේ තිබෙන යුද ටැංකි සහ කාලතුවක්කු අණදීමේ ප්‍රධානීන් වෙතත් මේ පින්තූර ලබාදීමෙන් නිවැරදිව ඉලක්ක ලබාගැනීමට ඉතාමත් පහසු වෙනවා. එමෙන්ම මෙම කැමරා පද්ධතිය කි.මී. 3.2ක් ඉහළ අහසේ සිට භූමියේ ඇති වාහනයක අංක තහඩුව පැහැදිලිව කියවිය හැකි අධිසංවේදී බවකින්ද යුක්ත වෙනවා.

ඉතින් මේ හැම දෙයක්ම පාලනය වෙන්නේ ගුවනේ තිබෙන යානයට සැතපුම් දහස් ගණනක් දුරින් පොළව මත පිහිටා තිබෙන නියමුවන් දෙදෙනෙකු සිටින පාලක මැදිරියකින්. එම පාළක මැදිරි ස්ථිර ගොඩනැගිලිවලත්, බංකර්වලත්, එහා මෙහා ගෙනයා හැකි කන්ටේනර්, හෝ ඒ වෙනුවෙන්ම සෑදූ වාහන වල ජංගම පාලක මැදිරි ලෙසටත් ස්ථාපනය කර තිබෙනවා.

  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment