මත්තල ගුවන් ගමන් කඩිනමින් ඇරඹීමට උපදෙස්

January 12 07:50 2020 Print This Article

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් හා අනෙකුත් මෙහෙයුම් කඩිනමින් ආරම්භ කරන ලෙස සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව මුලින්ම මත්තල ගුවන් තොටුපළේ  ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් මෙහෙයුම් ඇරඹිමටයි කටයුතු යොදා ඇත්තේ.

පසුව සෙසු ජාත්‍යන්තර ගුවන් සමාගම් සමගද සාකච්ඡා කර එම සමාගම් වල ගුවන් යානා මත්තලට ගෙන්වා ගැනිමටත් වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස අමාත්‍යවරයා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ බළධාරින්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

මතත්ල රාජපක්ෂ ජත්‍යන්තර ගුවන් තොටුපල ක්‍රියාත්මක ගුවන් තොටුපලක් බවට පත් කිරීම සදහා ගත යුතු පියවර සම්බන්ධයෙන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා හා ගුවන් තොටුපල බළධාරින් අතර පසුගිය සිකුරාදා (08) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී මෙම උපදෙස් ලබා දී ඇති බව සඳහන්.



  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment