කරූ තමන්ට ලැබෙන කොටස ගැන කෙලින්ම අසයි

January 06 11:13 2020 Print This Article

එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයකින් හෝ මෙහෙයුම් මණ්ඩලයකින් මහා මැතිවරණය මෙහෙයවන්නේ නම් තමන්ට හිමිවන බලතල පිළිබඳව කථානායක කරු ජයසූරිය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගෙන් විමසා ඇති බව වාර්තා වෙයි.

කථානායක ධුරයෙන් ඉවත්ව මහ මැතිවරණය මෙහෙයවීම සඳහා එක්වන ලෙසට කරු ජයසූරිය මහතාට එක්සත් ජාතික පක්ෂය යෝජනා කර ඇත.

මහා මැතිවරණය මෙහෙයවීම නායකත්ව මණ්ඩලයකින් සිදුකරන බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මීට පෙර ප්‍රකාශ කරන ලදී. නමුත් පසුගියදා පැවති සාකච්ඡාවලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙහෙයුම් මණ්ඩලයක් ස්ථාපිත කර මැතිවරණය මෙහෙයවන බවයි. මෙම මෙහෙයුම් මණ්ඩලයේ නායකත්වය කරු ජයසූරිය මහතාට ලබාදීමටද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යෝජනා කර ඇත.

කෙසේ වෙතත් කරු ජයසූරිය මහතා පක්ෂ නායකත්වයට පත්කළ යුතු බවටද යෝජනාවක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර ඇත. මහ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඒකාබද්ධව මෙහෙයවිය යුතු බව තවත් පාර්ලිමේන්තු​ මන්ත්‍රීවරුන් පිරිසකගේ අදහස වී ඇත.

  Article "tagged" as:
unp
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment