අමුතුම චිත්‍රපටයක් රග දක්වමින් අත්අඩංගුවට පත් රන්ජන් ‍‍ග‍ැන සිංහලේ සංවිදානයේ මාධ්‍ය නිවේදනය

January 04 21:28 2020 Print This Article

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම ගැන සිංහලේ සංවිදානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි

——–

අද සවස් භාගයේ අමුතුම චිත්‍රපටයක් රග දක්වමින් කොලබ අපරාධ කොට්ටාශයට බබා හුකුන් පාර්ට් දමමින් අත්අඩංගුවට පත්වූ රන්ජන් රාමනායක අමාත්‍යවරයා පිලිබදව ගෙවීගිය පැය කිහිපයේදී ඔහු අත්අඩංගුවට ගැනීම පිරිසක් හෙලා දකිමින්ද තවත් පිරිසක් ආණ්ඩුව විසින් ජනතාවට විහිළු සැපයීමට යොදාගත් නාටකයක් ලෙසද හදුන්වමින් ක්‍රියා කරන ලදී .

මේ වනවිට අප සංවිදානයට ලැබී ඇති තොරතුරු අනුව තහවුරු වී ඇත්තේ රන්ජන් සතුව ගිනි අවියක් ජීව උණ්ඩ අසභ්‍ය CD පට පමණක් නොව ඊට වඩා විවිද පුද්ගලයන්ට ඇමතුම් ලබාගත් බරපතල හඩපටද තිබී හසුවූ බවය . බැලූ බැල්මට අහිංසකයකු ලෙස පෙනුනද ඔහු විසින් ඇමතුම් ලබාගෙන ඇති පුද්ගලයන් හා කණ්ඩායම් ගැන ඔබට පැවසුවහොත් ඔබ බොහෝ විට ඒවා විශ්වාස නොකරන තත්වයකට පත්වනු ඇත .

රන්ජන් උසාවියේ විභාග වූ නඩු සදහා බලපෑම් කල අකාරය , විනිශ්චයකාරවරුන්ට ඇමතුම් ලබාදුන් ආකාරය , අපරාධ දෙපාර්තුමේන්තුවේ ශානි අබේසේකරට ඇමතුම් ලබා දී විමර්ශන වෙනස් කල ආකාරය ඇතුළු විවිධ පුද්ගලයන්ට තර්ජන ගර්ජන කරමින් මුදල් ගැරූ ආකාරයත් , මුදල් යහමින් ඇති කාන්තාවන් රවටා මුදල් ගැරූ ආකාරය ඇතුළු රටම කලබූ නඩු තීන්දුද ඒ අතර වේ . සම්පුර්ණ හඩ පට එක්ලක්ෂ පනස්දහසක් වෙන වෙනම CCD යේ විමර්ශන සදහා යොමුවී ඇති බව අප ඔබට විශ්වාසයෙන් කියමු .විමර්ශන මගින් ලැබෙන තොරතුරු ඉදිරි දිනයේදී ඔබට කියන පොරොන්දුවෙන් දැනට මාද්‍ය නිවේදනය නතර කරන්නෙමි .

ප්‍රදීප් සංජිව
ජාතික සංවිදායක
සිංහලේ සංවිදානය

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment