2020 නව වසර උදා වෙයි

2020 නව වසර උදා වෙයි
January 01 01:15 2020 Print This Article



උදා වු 2020 නව වසර ශ්‍රී ලංකා වාසී ජනතාව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකා වාසින් මෙන්ම සමස්ථ ලෝක වාසින්ද උදා වු 2020 නව වසර ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මේ අතර 2020 නව වසර පළමුව උදාවුයේ ලොව නැගෙනහිර සීමාවේ පිහිටි පැසිෆික් දූපතක් වන කිරිබාති දූපතටයි.

කෙසේ නමුත් නව අවුරුද්ද පිළිගැනීම සදහා වූ පළමු දැවැන්ත ගිනි කෙළි සංදර්ශනය පැවැත්වුණේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ස්කයිසිටී කුළුණ සමීපයේදීයි.

මේ අතර නව වසර උදාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සුප්‍රකට වරාය පාලම අසළ වාර්ෂිකව පැවැත්වෙන ගිනිකෙළි සංදර්ශනය මීට සුළු වේලාවකට පෙර පැවැත්වුනේ 2020 උදාව සනිටුහන් කරමින්.

තවත් පැය එකහමාරකින් පමණ ජපානය , දකුණු කොරියාව , පිලිපීනය යන රටවලට නව වසර උදාව සිදුවනු ඇති.

අවසානයටම නව වසර උදාව සිදු වන්නේ ලොව බටහිර සීමාවේ පිහිටි , අමෙරිකානු සැමෝවා දූපත්වලටයි.

  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment