ගානියා අධිකරණයට

December 30 10:29 2019 Print This Article

පැහැරගැනීමට ලක්වූ බව කියූ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනී ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

නීතිපතිවරයාගේ උපදෙස් මත පසුගිය 16වනදා පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගනු ලැබුවේ රජය කෙරෙහි අපකීර්තියක් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම සහ සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීම යන චෝදනා මතයි.

අනතුරුව ඇයව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අදාළ කාන්තාව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළේය.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment