රාජ්‍ය සේවය දැන් සියයට සියයක් වැඩ-ගම්මන්පිල

December 28 13:31 2019 Print This Article

ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කිරීමට ඉදිරියේ පැවැත්වෙන මහමැතිවරණයේදී වත්මන් ආණ්ඩුවට ජනතාව සහයෝගය ලබා දිය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. 

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ පාදුක්ක ප්‍රදේශයේ පැවති ජනහමුවකදීයී.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“රාජ්‍ය යාන්ත්‍රණය කවදාවත් නැතුව සියයට සියයක් කාර්යක්ෂමව වැඩ.

කොයිවෙලේ ජනාධිපතිතුමා කාර්යාලයට එයි කියලා දැන් බයෙන් ඉන්නේ.

තාම ගියේ තැන් තුනකටයි. මුළු රාජ්‍ය යාන්ත්‍රණයම වැඩ.

කවදා කොතනින් මතුවෙයිද කියන බය තියෙනකල් හැමෝම හැමදාම ලස්සනට වැඩ කරනවා.

ඒ නිසා ජනාධිපතිතුමාගේ දේශපාලන වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් සහිතව පත් කරන වගකීම ජනතාව සතුයි.” 

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment