සුදුවෑන් මාධ්‍ය හමුවට සහභාගි වූ පුද්ගලයන් විශේෂ ප්‍රකාශය කිරීමට සූදානම්

December 27 02:44 2019 Print This Article

ජනාධිපතිවරණයට පෙර ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුවට සහභාගි වූ පුද්ගලයන් දෙදෙනා අධිකරණය හමුවේ විශේෂ ප්‍රකාශය කිරීමට සූදානමින් සිටී.

අද දිනයේ එම නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් එම අවස්ථාව ඉල්ලා සිටියද ඊට අවස්ථාව නොලැබෙනේය.

අධිකරණය කියාසිටියේ අදාළ නඩුව සම්බන්ධයෙන් චෝදනා පත්‍ර භාරදීමෙන් පසු එවන් ප්‍රකාශයක් කළ හැකි බවයි.

මේ අතර ආරංචි මාර්ග වාර්තා කරන්නේ අදාළ නඩුවේ දී රාජිත සේනාරත්න මහතාට එරෙහිව රජයේ සාක්ෂිකරුවන් ලෙස මෙම දෙදෙනා කටයුතු කරනු ඇති බවයි.

කෙසේ වෙතත් මෙම පුද්ගලයන්ට පෙර වැරදි සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක වෙමින් තිබේ.

සුදු වෑන් මාධ්‍ය හමුවේ සියල්ල තමනට ලියා දුන්නේ රාජිත සේනාරත්න මහතා බවත් ඒ සදහා ලක්‍ෂ 10 බැගින් මුදල් දුන් බවත් ඔවුන් දැනටමත් අධිකරණයට ප‍්‍රකාශ කර ඇත.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment