රාජිත අත්අඩංගුවට

December 27 16:41 2019 Print This Article

නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළව ප්‍රකාශයක් ලබාගත් බව සදහන්.

පෙරේදා රාත්‍රියේ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකයට මන්ත්‍රීවරයා ඇතුළත් වූයේ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර තිබියදීයී

පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අද පස්වරුවේ සි‍ට 30වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි එම පෞද්ගලික රෝහල වෙත පැමිණි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා නියෝග කළේ.

තවදුරටත් මන්ත්‍රීවරයා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment