ප‍්‍රබල දේශපාලඥයා ප‍්‍රසිද්ධ පාසැලේ විදුහල්පතිනිය දණ ගස්වා දඬුවම් දෙයි.. තමන්ට වන්දවාගනී…

January 11 07:43 2018 Print This Article

.

ඌව පළාත නියෝජනය කරන ප‍්‍රබල දේශපාලඥයෙකු විසින් බදුල්ල දිස්ත‍්‍රික්කයේ පාසැලක විදුහල්පතිවරියක් තම නිවසට ගෙන්වා දණ ගස්වා දඬුවම් දී ඇති බවට ශ‍්‍රී ලංකා මානව හිමිකම් කේන්ද‍්‍රය චෝදනා කරයි.

මෙසේ දණ ගස්වා ඇත්තේ ඌව පළාත් සභාව යටතේ පාලනය වන දෙමල පාසැලක විදුහල්පත්වරියකි. අදාල දේශපාලඥයාගේ ලිපියක් රැගෙන නවක සිසුවියක් පාසැලට ඇතුලත් කිරීමට ගිය විට එම ලිපිය ප‍්‍රතික්‍ෂෙප කලේ යයි විදුහල්පතිවරිය කැදවා මෙම දඬුවම දී ඇතැයිද ඔවුන් චෝදනා කරයි.

තමන් බැදි සිටින්නේ අධා්‍යපන අමාත්‍යංශ බලධාරීන්ගේ නියෝග ඉටු කිරීමට මිස දේශපාලඥයන්ගේ නියෝග ඉටු කිරීමට නොවන බව විදුහල්පතිවරයා එම දෙමවුපියනට සදහන් කර ඇත.

මේ බව දැනගත් එම දේශපාලඥයා විදුහල්පතිනිය තම නිල නිදසට ගෙන්වාගෙන තමනට වැද සමාව ගන්නා ලෙස පවසා ඇති අතර පසුව බලහත්කාරයෙන් වන්දවාගෙන ඇතැයිද එම සංවිධානය කියා සිටී.

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.