ජනාධිපති ධුර කාලය තීරණයට පංච පුද්ගල විනිසුරුමඬුල්ල අද රැස්‌වෙයි

ජනාධිපති ධුර කාලය තීරණයට පංච පුද්ගල විනිසුරුමඬුල්ල අද රැස්‌වෙයි
January 11 08:34 2018 Print This Article

.

2015 ජනවාරි 09 දා ශ්‍රී ලංකාවේ ජනාධිපති වශයෙන් තේරීපත්වූ තමාට වසර 06 ක්‌ ඉදිරියට එම ධුරය දැරීමට යම් බාධාවක්‌ තිබේදැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යොමුකළ ප්‍රශ්නය ගැන සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ඇතුළු පංච පුද්ගල විනිසුරු ම`ඩුල්ලක්‌ අද (11 වැනිදා) රැස්‌වෙයි.

ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ, කේ. ටී. චිත්‍රසිරි සහ සිසිර ද ආබෲ යන මහත්ම මහත්මීන් විනිසුරු ම`ඩුල්ලේ සෙසු සාමාජිකයෝ වෙති.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ රෙගුලාසිවලට අනුව එම ප්‍රශ්නය පිළිබඳව සලකා බලා ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනවාරි 14 දාට හෝ ඊට පෙර තමා වෙත ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අගවිනිසුරුවරයාට යොමුකර තිබූ ලිපියෙන් දන්වා තිබුණි.

පංච පුද්ගල විනිසුරු මඬුල්ල අද පෙරවරුවේ රැස්‌වී එකී ප්‍රශ්නය ගැන සලකා බලන බව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගෙන් ලැබුණු උපදෙස්‌ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්‌ට්‍රාර් මහේෂි ජයසේකර මහත්මිය විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සහ ලේකම්වරයාට ලිතව දැනුම්දී තිබේ.

ඒ අනුව එම ප්‍රශ්නය ගැන තමන් දරන අදහස්‌ පුද්ගලිකව හෝ කණ්‌ඩායම් වශයෙන් එක්‌ව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිඥ සංගමය විසින් ඊයේ සිය සාමාජිකත්වයට දැනුම් දී ඇත.

මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද සාකච්ඡාවට භාජන කෙරෙන එම ප්‍රශ්නයට අදාළව තමා දරන අදහස ඉදිරිපත් කිරීමට කැමැත්ත දක්‌වා දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමියෝ ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ගොනු කළහ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉදිරියට වසර 06 ක්‌ ජනාධිපති ධුරය දැරීමට කිසිදු බාධාවක්‌ නැති බවත් තමා දරන ඒ මතය සවිස්‌තරව නීතිඥයකු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට තමාට අවසර දෙන ලෙසත් සුමංගල හිමියන් සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

සුමංගල හිමියන්ගේ පෙත්සමේ මෙසේද සඳහන් කර ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එකී ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර ඇත්තේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 129 (1) වගන්තියට අනුවයි.

ජනාධිපති මැතිවරණය 2015 ජනවාරි මස 08 වැනිදා පැවැත්වූ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති පදවියේ දිවුරුම් දුන්නේ 2015 ජනවාරි 09 දායි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව පරමාධිපත්‍ය ජනතාව සතුය. එය අත්හල නොහැක. රජයේ බලතල මූලික අයිතිවාසිකම් සහ ඡන්ද අයිතිය ජනතා පරමාධිපත්‍යයට ඇතුළත් වේ. ජනාධිපති ධුරයට පත්වන්නේ සියලු රටවැසි ජනතාවගේ ඡන්දයෙනි. පසුගිය ජනාධිපති මැතිවරණයේදී ජනාධිපතිවරයා තෝරාපත් කළේ වසර 06 ක කාලසීමාවක්‌ එම ධුරය දැරීමටයි. ඒ අනුව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ රෙගුලාසිවලට අනුව වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට කිසිදු බාධාවකින් තොරව 2021 දක්‌වා ජනාධිපති ධුරයේ කටයුතු කළ හැක.

මා දරන එම අදහස්‌ නීතිඥවරයකු මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටිමි.

sirisena president asking how many years jan 2018

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.