සිරිසේන අවුරුදු 06ක් ඉන්න ශ්‍රේෂ්ඨාධීකරණයේ සහාය පතයි

සිරිසේන අවුරුදු 06ක් ඉන්න ශ්‍රේෂ්ඨාධීකරණයේ සහාය පතයි
January 10 06:38 2018 Print This Article

.

දින 100 කින් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න ආ මිනිහා තමන්ම අඩුකර ගත් වසරක ධූර කාලය යලි ඉල්ලයි..!අවුරුදු 5න් ගෙදර යනවායැයි කියමින් බලයට පැමිණි ජනපති සිරිසේන තම කාලය අවුරුදු 06ක් දක්වා දීර්ඝකර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබේ.

වත්මන් ආණ්ඩුව යටතේ සම්මත කරන ලද 19 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව වර්තමාන ජනාධිපතිගේ ධුර කාලය වසර පහක්ද නැත්නම් හයක්දැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇත.

19 වන සංශෝධනය සිදු කරන අවස්ථාවේදී සිටි ජනාධිපතිවරයාටත් එම තීරණය වලංගුදැයි ඔහු එහිදී විමසා ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මෙම මස 14 වැනි දිනට පෙර ලබා දෙන්නැයිද ජනාධිපතිවරයා ඉල්ලා ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයා විසින් නීතීඥ සංගමයට ලිඛිතව දන්වා ඇත්තේ මේ සම්බන්ධයෙන් ජනවාරි 11 දා සලකා බැලීමට තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙමගින් සෘජුව විමසා බැලෙන්නේ 2021 වන තෙක් විධායක ජනාධිපතිධූරය දැරිය හැකිද යන්නයි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ තමන් ජනාධිපති වී දින 100න් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නේ යැයි ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කල එයම ප්‍රධාන සටන් පාඨයක්ද කරගෙන ජයගත් ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියේ තුන් වන වසර සමරන ජනවාරි 8 දිනයේදීම එය විමසා සිටිමයි.

19 වන සංශෝධනය සම්මතකරගත් දිනවලදී ආණ්ඩුවේ පිරිස් පැවසුවේ ජනාධිපතිධූරයේ කාලය වසර 6 සිට 5 දක්වා අඩු කරමින් ජනාදිපතිවරයා ලොවටම ආධර්ශයක් දුන් බවයි. බලය අත් හැරීම පිළිබඳ පූර්වාදර්ශයක් ලෙස එකල සමහරුන් සිරිසේන මහතා හුවා දැක්වීය.

ජනවාරි 8 තෙවර්ෂ පූර්ණය සමරමින් ජනාධිපතිවරයා විසින් විවෘත්ත කළ රාජගිරිය ගුවන් පාලම නැසී ගිය මාදුළුවාවේ සෝභිත නාහිමියන් නමින් නම් කරන ලෙස ජනාධිපතිවරයා විසින් ඉල්ලීමක් කරනු ලැබුවේ ඊයේ දිනයේදීය. සෝභිත හිමියන් 2015 ජනවාරි 8 බල පෙරළියට කර උර දුන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම එකම අරමුණ කරගනිමිනි.

 

ශ්‍රෙෂ්ඨාධිකරණයේ මතය විමසමින් ජනාධිපතිවරයා යැවූ ඉල්ලීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරනයේ ලේඛකාධිකාරිවරයා යොමු කළ ලිපිය

sirisena 08 JAN 2018

source

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.