මාගම්පුර සේවකයෝ මාරාන්තික උපවාසයක

මාගම්පුර සේවකයෝ මාරාන්තික උපවාසයක
January 10 07:29 2018 Print This Article

.

හම්බන්තොට මාගම්පුර වරායේ සේවකයන් 10 දෙනකු විසින් ඊයේ (09 දා) සිය රැකියා නැවත ලබාදෙන ලෙස ඉල්ලා හම්බන්තොට මාගම්පුර වරාය ඉදිරිපිට මාරාන්තික උපවාසයක්‌ ආරම්භ කර තිබේ.

මාරාන්තික උපවාසයක්‌ ආරම්භ කිරීම සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ හම්බන්තොට මාගම්පුර වරාය සේවක කමිටුවේ සභාපති අයි. කේ. ඔමේෂ් මහතා මෙසේ පැවසීය.

හම්බන්තොට මාගම්පුර වරායේ සේවයෙන් ඉවත් කළ සේවකයන් 438 දෙනාට නැවතත් එම රැකියාව හෝ ඉවත් කරන සේවකයන්ට සාධාරණ වන්දි මුදලක්‌ දෙන්නැයි ඉල්ලා දින 50 ක්‌ තිස්‌සේ උපවාස කළා. නමුත් කිසිදු සාධාරණයක්‌ අපිට සිදුවුණේ නෑ. බැරිම තැන අපි රජයට දින තුනක්‌ දුන්නා අපිට සාධාරණ විසඳුමක්‌ දෙන්න කියලා. ඒත් මේ වෙනකම් කිසිදු බලධාරියකු අපිට සාධාරණ විසඳුමක්‌ දුන්නේ නැති නිසා අපි අද මාරාන්තික උපවාසයක්‌ ආරම්භ කළා. එකා පිට එකා මැරී වැටුණත් අපි මේ අද ආරම්භ කළ මාරාන්තික උපවාසය අතරමඟ නවතා දමන්නේ නෑ. රැකියාව අහිමි වෙලා ගෙදර යනවාට වඩා මරණය හොඳයි කියන විශ්වාසයෙයි අපි මේ ඉන්නේ. අද අපි මේ මාරාන්තික උපවාසය සඳහා සේවකයන් 10 දෙනකු සම්බන්ධ වුණා. හෙට අනිද්දා වෙනකොට මේ සංඛ්‍යාව වැඩිවෙන්න පුළුවන්. ඒ නිසා අපේ මේ ගැටලුවට විසඳුමක්‌ දෙන්න පුළුවන් මේ රටේ ජනාධිපතිවරයාට. අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා අපිට සාධාරණයක්‌ ඉටුකරලා දෙන්න කියලා. මේ තරුණ ජීවිත විනාශ වෙන්න නොදී ආරක්‌ෂා කර දෙන්න කියලා අපි ඉල්ලනවා.

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.