‘මම කෑගහන කොට ඔය ගොල්ලෝ කෑගහන්න ඈ…”කවුද හොරා?

January 10 20:45 2018 Print This Article

අද පැවැති විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයේදී විශේෂ ප්‍රකාශයක් කළ අගමැතිවරයා සිය කතාව අවසානයට පැමිණෙන විට මන්ත්‍රීවරුන්ට සඳහන් කළේ.

“මම කෑගහන කොට ඔය ගොල්ලෝ කෑගහන්න ඈ” කියායි.

පසුව අග්‍රාමාත්‍යවරයා සිය කතාවේ අවසන් කොටස සම්පූර්ණ කිරීමෙන් පසුව

“කවුද හොරා?” යැයි විමසීය.

එවිට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සඳහන් කළේ

“මහින්ද හොරා”  යනුවෙනි.

11.23 වන විනාඩියේදී රනිල් ගේ යහපාලන උප්පරවැට්ටිය හෙලිවේ….

මේ අතර එම ප්‍රකාශය සිදුකරන අතරතුර ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධයක් දැක්වූ අතර එම විරෝධය පාර්ලිමේන්තු සභා ගැබටද රැගෙන ආවා. සභාගැබ මධ්‍යයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සහ විපක්ෂයේ මන්ත්‍රීවරු උණුසුම් වචන හුවමාරුවක නිරත වෙමින් හැසිරෙන ආකාරය දක්නට ලැබුණු අතර ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ක්ලාන්ත වී අද වැටුණු බවයි වාර්තා වුණේ.

ඔහුට පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා දී ඇති අතර ඔහු උදෑසන ආහාරය ලබා නොගැනීම හේතුවෙන් මේ තත්ත්වය ඇති බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.