බත් පාර්සලයක්‌ රු.10 කින් ඉහළට

January 10 07:20 2018 Print This Article

ලන්ච් ෂීට්‌ සහ ෂොපින් බෑග් මිල ඉහළ යාම නිසා බත් පාර්සලයක මිල රුපියල් 10 කින් ඉහළ දමන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා ඊයේ (09 වැනිදා) පැවැසීය.

මේ අතර මාසයක්‌ ඇතුළත බත් පාර්සලයක මිල රුපියල් 10 කින් වැඩි කළ දෙවැනි අවස්‌ථාව මෙය බව පාරිභෝගිකයෝ පවසති.
කොළඹ නගරයේ බත් පැකට්‌ ඇතුළු ඇසුරුම් කරන ලද ආහාරවල මිල ගණන් රුපියල් 20 ත් 30 ත් අතර මිලකින් ඊයේ සිටම ඉහළ දමා ඇති බවත්, මෙය අසාධාරණ බවත් පාරිභෝගිකයෝ රැසක්‌ පැවසූහ.

මෙතෙක්‌ රුපියල් 100 ත් 120 ත් අතර මිලකට අලෙවි වූ බත් පාර්සලය ඊයේ වනවිට රුපියල් 150 දක්‌වා ඉහළ නැග ඇතැයි පාරිභෝගිකයෝ කියා සිටියහ.

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.