“යාපනේ කොච්චර හමුදාව ඉන්නවාද ?” සුද්දන් වැඩ පෙන්වයි

January 08 08:14 2018 Print This Article

දිවයිනට පැමිණ සිටින බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් පිරිසක්‌ හමුවීමට උතුරු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා කළ ඉල්ලීම ඔවුන් ප්‍රතික්‍ෂේප කර ඇත.
බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් පිරිස උතුර ප්‍රදේශයට පැමිණ සිටියදී ඔවුන් හමුවීමට අවශ්‍ය බව උතුරු පළාත් මහ ඇමැතිවරයා විසින් දැනුම් දී ඇතත් පසුගිය වතාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌වරයා යාපනයට පැමිණි අවස්‌ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයා හමුවූ නිසා මෙවර නැවතත් මහ ඇමැතිවරයා හමුවීම අනවශ්‍ය බවට ඔවුන් පිළිතුරු දී ඇත.
මෙහිදී යාපනයට පැමිණි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්‌ඩායම උතුරේ දැනට රඳවා සිටින යුද හමුදා සේනාංකවල ප්‍රමාණය හා ඔවුන් විසින් නිදහස්‌ කොට ජනතාවට භාරදෙන ලද ඉඩම් පිළිබඳව තොරතුරු උතුරු පළාත් ආණ්‌ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගෙන් විමසා තිබේ.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් මැල්කම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මන්ත්‍රී කණ්‌ඩායම යාපනයේ පිහිටි ආණ්‌ඩුකාවරයාගේ කාර්යාලයේදී පෙරේදා (6 දා) දහවල් මේ හමුව සිදුව ඇත.
උතුරු පළාතේ විවිධ ජන කොටස්‌ අතර සංහිඳියාව වර්ධනය වී ඇති ආකාරයත් රජය ඒ වෙනුවෙන් සැලසුම් කොට ඇති වැඩපිළිවෙළ පිළිබඳවත් ඔවුන් කරුණු විමසූ බව ආණ්‌ඩුකාරවරයා පවසයි. නව ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳවද, යුද අනාථයන් යළි පදිංචි කරවීම පිළිබඳවද කරුණු විමසා ඇති අතර අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නය හා ඉඩම් ගැටලුව පිළිබඳවද තොරතුරු විමසා තිබේ.
යුද අනාථයන්ගේ වර්තමාන තත්ත්වයත් ඔවුන් යළි පදිංචි කරවීමේ වැඩපිළිවෙළේ ප්‍රගතියත් රජයෙන් ඔවුන්ට ස්‌ථිර නිවාස ඉදිකොටදී ඇති ආකාරය හා ඒවායෙහි සංඛ්‍යාව පිළිබඳවද ආණ්‌ඩුකාවරයා සමග සාකච්ඡාවේදී මෙසේ තොරතුරු විමසා තිබේ.
මෙම නියෝජිත පිරිස යාපනය ආරක්‍ෂක සේනාංකාධිපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්‌ටිආරච්චි මහතා ඇතුළු යුද හමුදා ප්‍රධානීන් කීප දෙනකු හමුවී සාකච්ඡා කොට ඇති අතර නල්ලූර් කෝවිලේ විශේෂ පූජාවකටද සහභාගි වී තිබේ.

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.