තෙවසරේ අමුතු වෙනස…

January 08 09:28 2018 Print This Article

.

 

රටක් අගාධයට ඇද දැමු කාලකන්නි ආණ්ඩුව පත්ව අදට වසර තුනක් සම්පුර්න වන අතර එම වසර තුන ඇතුලත රටත් රටේ අනාගතයත් වසර 30 කින් ආපස්සට ගමන් කලබව අප අමුතුවෙන් කිව යුතු නැත.හොරු සිටින බවත් ඔවුන් ඇල්ලීමට ආණ්ඩුව වෙනස් කළ යුතු බවත් කියමින් ආණ්ඩු බලය ලබා ගත් රනිල්.සිරිසේන.සම්බන්ධන්.අනුරකුමාර ඇතුළු පාලකයින්ගේ ආණ්ඩුව ඇල්ලු හොරෙක් නැත.හොරුන් අල්ලන්නට පැමිණි ආණ්ඩුව මහා බැංකුවේ සිට රාජ්‍ය දේපල කොල්ල කමින් මැතිවරණ කල් දමමින් ජනතාව පිට බදු බර පටවමින් තමන්ගේ ජීවිකාවන් සුවපත් කිරිමර වෙහෙසුනේ පට්ට පතුරු බොරු වලින් ජනතාව රවටමිනි.
චීන කොඩි.ඉන්දියන් කොඩි ඇමරිකන් කොඩි අපේ ජාතික කොඩියට ඉහලින් ලෙල දෙන මට්ටමට රට වැටි ඇති අතර රටේ කොටස් ඒක්‌ එක් රාජ්‍ය වල දේපල බවට පත්ව ඇත්තේ කාලකන්නි පාලකයින්ගේ නොහැකියාව නිසාය..වරාය
ගුවන් තොටුපල ඇතුළු රාජ්‍ය දේපළ විකුණා දැමු ආණ්ඩුවක් රට ණය
උගුලක හිර කොට පම්පෝරි ගසමින් හොරකමේ යන පාලකයින් පිරිසක් සමග කෙලෙස අනාගතයක් තනන්නේ දැයි අප ලක්ෂ 62 ගොන් වහන්සේලාගෙන් ඇසිය යුතුය.

2015 ජනවාරි 08 ට පෙර ජනතාව බලා සිටියේ අලුත් රැකියා උත්පාදනය වන දෙසය.අලුත් වරායන් රටට එකතු වන දෙසය.අලුත් ගුවන් තොටුපළවල්.හා අලුත් ආර්ථිකයක් රට තුලට ඇදී එන දෙසය.එහෙත් වසර 03 ක් ඉක්ම ගිය පසු 2018-01-08 වන විට ජනතාව බලා සිටින්නේ හාල් නැවක්.පොහොර නැවක්.පොල් නැවක්.තෙල් නැවක් දෙසය.රනිල් සිරිසේන.සම්බන්ධන්.අනුර කුමරලගේ ආණ්ඩුව රටට දායාද කළ වෙනස එයය..

ජනතාවනි ඔබට සතුටුයිද දැන්?

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.