දිනේෂ් ගුණවර්ධනට වෙනම ඉල්ලන්න අනුමැතිය

දිනේෂ් ගුණවර්ධනට වෙනම ඉල්ලන්න අනුමැතිය
December 06 08:09 2017 Print This Article

.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව දීර්ඝ කලකට පසු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී අද පස්වරුවේ රැුස්වින.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂ නායකයෙක් වන ඒකාබද්ද විඵක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාද එම අවස්ථාවට සහභාගී විය.

එහිදී මහජන එක්සත් පෙරමුණ, ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂය, දේශ විමුක්ති ජනතා පක්‍ෂය ඉල්ලා සිටියේ තමනට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව වෙනම තරග කිරීමට උවමනා බවයි.

ඒ සදහා එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාවේ අනුමැතිය ලැබී ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂවලට වෙන්න වෙන්ව පළාත් පාලන මැතිවණයට තරග වැදිය හැකි යෝජනාවක් ඉදිරිපත් කල බවත් එය ඒකඡුන්දයෙන් සම්මත වූ බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේය.

සන්ධානයේ විධායක සභාව සදහා සහභාගී වූයේ ඒකාබද්ද විපක්‍ෂව දැනුවත් කර බවත් සුපරුදු ලෙස ඒකාබද්ද විපක්‍ෂය සමග ඉදිරි දේශපාලන කටයුතු කරගෙන යන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.