දළ පූට්ටුවා මැරූ ගිනි අවිය සොයාගනී

December 06 20:56 2017 Print This Article

.

ගල්ගමුවේ දළ පූට්ටුවා මරා දැමීම සඳහා යොදා ගත් බවට සැක කෙරන විදේශීය රටක නිෂ්පාදනය කරන ලද බෝර 12 වර්ගයේ ගිනි අවියක් හා  උණ්ඩ දෙකක් සමඟ හිටපු හමුදා සෙබළෙක් හා ගව පට්ටි හිමිකරුවෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දුෂණ මර්දන ප්‍රහාර ඒකකය  කියයි.

ඉකුත් 23 වැනි දින හිටපු පොලිස් කොස්තාපල් වරයෙකු හා ග්‍රාම නිළධාරීවරයකු  මොරගොල්ලාගම නිකවැව  ප්‍රදේශයේ දී පානදුර වාලාන දුෂණ මර්දනය ප්‍රහාරක ඒකකය  අත්අඩංගුවට ගැනීමත් සමඟ දළ පූට්ටුවා මරා දමා ඇති බව අනාවරණය විය.

මේ වන විට ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඝාතනයට ග්‍රාම නිලධාරින් දෙදෙනෙකු ඇතුලු පුද්ගලයින් දස දෙනෙකුට ආසන්න පිරිසක්  පොලිස් අත්අඩංගුවට පත් වී ඇත.

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.