රටට කොන්ද පණ ඇති නායකයන් උවමනා කර තිබේ – චන්ද්‍රිකා

November 27 10:34 2017 Print This Article

අද වන විට රටට කොන්ද පණ ඇති නායකයන් උවමනා කර තිබෙන බව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

රට ඉදිරියට ගෙන යාම සදහා නම් රට කරවන අයට දර්ශණයක් තිබිය යුතු යයිද ඇය පෙන්වා දෙයි.

ගම්පහ වේයන්ගොඩ ප‍්‍රදේශයේ බැවති උත්සවයක් අමතමින් ඇය මෙම අදහල් පල කලාය.

‘දර්ශණය මම හැදෙන්න නොවෙයි. මගේ සාක්කු හා මගෙ සහෝදර සහෝදරියන්ගෙ සාක්කු පුරවන්නත් නොවෙයි.

අපේ දර්ශණය වෙන්න ඕන රට ඉදිරියට ගෙනයන වැඩපිලිවෙල මොකද්ද කියන එක. ඒ දර්ශණය ක‍්‍රියාත්මක කරන්න අපිට පැහැදිලි ක‍්‍රියාදාමයක් තිබෙන්න ඕන. දර්ශණයක් විතරක් තිබිල මදි.

ඒ සියල්ල කරන්න කොන්ද පණ ඇති නායකයො අවශ්‍යයි. එක්කෙනෙක් නොවෙයි ඔක්කොම නායකයො. උඩ ඉදන් පහලටම’

මෑතකදී කඩා වැටුනු මීතොටමුල්ලේ කුණු කන්ද ගැන තමන් දැනට වසර තුනකට කලින් ආණ්ඩුවට දැන්වූයේ යයිද කී ඇය එය ගණන් නොගෙන කඩා වැටෙන තුරුම සිටි බවද සදහන් කලාය.

‘පක්‍ෂවත් වෙන මොකක්වත් නොවෙයි රට වෙනුවෙන් වැඩ කරන වැඩ කරන ඕනම කෙනෙක්ට සහයෝගය දෙන්න. එහෙම නැතිව මේ රට කරන්න බෑ. ඒත් බැරිනං ඔක්කොම ක්ලෝස් ෆො බිස්නස් කියල වහල දාල අපි යන්න ඕන’

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.