“මහින්දගේ තනියට රතු මල්ලිලාත් එකතුවෙයි-සම්මුතිවාදින්ගේ දත කට මුට්ටුවෙන්නට මැතිසබයේ වාග් ප්‍රහාරය දරුණු වෙයි”

November 23 10:22 2017 Print This Article

.

පළාත් පාලන අමාත්‍යවරයා විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කළ සීමා නිර්ණ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම ලබන දෙසැම්බර් 04 වනදා දක්වා අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් අද දිනයේදී නිකුත් කරනු ලැබුවා.අධිකරණය ලබාදුන් එම තින්දුව සම්බන්ධයෙන් අදහස් දැක්වු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිතව තිබු මැතිවරණ වත්මන් ආණ්ඩුව කල් දැමීමට කටයුතු කර ඇති බවයි.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටියේ පළාත් පාලන මැතිවරණ අවුරදු 03ක් කල් ගිය බවත් මැතිවරණය කඩිනමින් පැවැත්වීම ආණ්ඩුවේ වගකීමක් බවයි.එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් පිළිතුරු දුන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසූවේ මැතිවරණය කල් දැමීම සදහා එජාපය ද විරුද්ධ බවයි.ඒ පිළිබදව අදහස් දැක්වු ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාද පවසා සිටියේ ආණ්ඩුවේ සමිපතමයින් මැතිවරණය කල් දැමේමේ නඩුවට ඉදිරිපත් වී ඇති බවත් මෙම ක‍්‍රියාදාමය ආණ්ඩුවේ මැතිවරණ කල්දැමීමේ උපක‍්‍රමයක් බවයි.

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.