ණය කන්ද උඩ ආණ්‌ඩුවේ කොන්ද

ණය කන්ද උඩ ආණ්‌ඩුවේ කොන්ද
October 23 07:27 2017 Print This Article

.

රටක ආර්ථිකයේ කොඳුනාරටිය වන්නේ මූල්‍ය වෙළෙඳපොළයි. නමුත් ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළෙඳපොළ කෙතරම් දූෂණය වී ඇත්ද යන්න තේරුම් ගැනීමට පසුගියදා විභාගයට ගැනුණු බැඳුම්කර කොමිසමේ සාක්‍ෂි පමණක්‌ කියෑවීම හොඳටම ප්‍රමාණවත්ය. මේ මූල්‍ය වෙළෙඳපොළ තුළ රටේ ආණ්‌ඩු ලාභ ලැබීම කෙසේ වෙතත් ජාමෙ බේරාගත් ඉතිහාසයක්‌ අප දැක නැත. සිදු වූ එකම දෙය ආණ්‌ඩු පත්කිරීමට මූල්‍යාධාර ලබාදුන් ව්‍යාපාරිකයන් ටි්‍රලියනපතියන් වී ඔවුන් රටේ පාලනය හසුරුවන රාජ්‍ය මාµsයාකරුවන් බවට පත්වීම පමණි. මෙය සෑම ආණ්‌ඩුවකටම පොදුවූ රටේ ජනතාවට පමණක්‌ අපුල ගෙන දුන් කාරණාවකි.

පසුගියදා මාධ්‍ය නිවේදනයක්‌ නිකුත් කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසා තිබුණේ වත්මන් රජය පාලනය ගෙන ගිය පසුගිය වසර දෙකහමාරක කාලය තුළ රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 2773 කින් ඉහළ ගොස්‌ ඇති බවය. 2014 වසර අගදී දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 71.3 ක්‌ව තිබූ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය අද වන විට එම ප්‍රතිශතය සියයට 84.8 කින් ඉහළ ගොස්‌ ඇති බව කබ්රාල් මහතා වැඩිදුරටත් පවසයි. හිටපු මහ බැංකු අධිපතිවරයා මේ ගණනය කිරීම් සඳහා මූලාශ්‍ර ලෙස භාවිත කරන්නේ රටේ මහ බැංකු වාර්තාය. එම නිසා ඒ සම්බන්ධයෙන් කිසිදු විවාදයක්‌ අපට නැත. අපට ඇති අර්බුදය, දිනෙන් දින ඉහළ යන රටේ රාජ්‍ය ණය ප්‍රතිශතය පාලනය කිරීමට බලයට පත්වූ කිසිදු දේශපාලන නායකයකුට නොහැකි වීමය.

ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු 1950 වසර වන විට රටේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය වූයේ රුපියල් මිලියන 654 කි. එය දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 16.9 කි. එතැන් සිට රටේ පාලනය හෙබවූ සියලු රාජ්‍ය නායකයන් යටතේ වර්ධනය වූයේ රටේ නිෂ්පාදනය නොව ණය කන්දක්‌ය. ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථිකය විග්‍රහ කරමින් ජාත්‍යන්තර “ෙµdaබ්ස්‌” සඟරාවට ලිපියක්‌ ලියන වේඩ් ෂෙපර්ට්‌ පවසනුයේ මේ වන විට ශ්‍රී ලංකාව හමුවේ ඇති මුළු ණය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 64.9 ක්‌ බවය. මෙය දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස ගතහොත් සියයට 84 කි. ඒ අනුව රටේ ආදායමෙන් සියයට 95.4 ක්‌ වැය වන්නේ මේ ණය ගෙවීමටය. ශ්‍රී ලංකාවේ ණය කන්ද සම්බන්ධයෙන් ඇති ඉතා සරලම බියකරුම චිත්‍රය මෙයයි.

රටක ආර්ථිකයේ වර්ධනය තීරණය කරන මහා සාධකය වන්නේ රටේ දළ ජාතික නිෂ්පාදිතයයි. ලෝකයේ බොහෝ රටවල් අද ගෝලීය ණයකරුවන් බවට පත්ව සිටින්නේ මේ දළ ජාතික නිෂ්පාදිතය වර්ධනය කර ගැනීමට ණය ගැනීමට යැමෙන්ය. පසුගියදා ඇමරිකාවේ ජාතික ණය ප්‍රමාණය ඩොලර් ටි්‍රලියන 20 දක්‌වා ඉහළ ගියේය. එය රටේ නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට සියය ඉක්‌මවා යැමකි. නමුත් ඉතා බලවත් නිෂ්පාදන ආර්ථිකයක්‌ ඇති නිසා ඇමරිකාවට එය ප්‍රශ්නයක්‌ වී නැත. නමුත් ශ්‍රී ලංකාවේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්‌ය. 2017 අප්‍රේල් 23 වැනිදා වන විට ශ්‍රී ලංකාවේ වාර්ෂික දළ ජාතික නිෂ්පාදිතය ඇමෙරිකන් ඩොලර් බිලියන 84 කි. ශ්‍රේණිගත කිරීම් අනුව ගෝලය තුළ ශ්‍රී ලංකාව පසුවන්නේ 67 වැනි ස්‌ථානයේය. අපට පහළින් සිටින රට වන්නේ ඉතියෝපියාවය. නිෂ්පාදන ආර්ථිකය නඟා සිටුවීමට නොව ණය පියවීමට ණය ගැනීමට යැමෙන් අපි ඉතා අවදානම් ගමනක නිරතව සිටින්නෙමු.

වර්තමාන ආණ්‌ඩුවද රටේ නිෂ්පාදන ආර්ථිකය දියුණු කරන සැලසුම් ගැන කතා පවත්වමින් සිටී. ආණ්‌ඩුව මේ සියලු සැලසුම් දියත් කළ යුත්තේ දේශීය ව්‍යාපාර ආරක්‌ෂා කර ගනිමිනි. ඉන්දීය වීක්‌සි පාවහන් සමාගමට බදු සහන දී රටේ නිෂ්පාදන ඇරැඹීමට ඉඩදීමෙන් අද ලංකාවේ දේශීය පාවහන් කර්මාන්තය දැඩි අවදානමකට මුහුණදී සිටී. රටේ ආර්ථිකය දියුණු කළ හැක්‌කේ රටේ නිෂ්පාදන ගෝලීය වෙළෙඳපොළට ගැළපෙන අයුරින් නිපදවා මිස දේශීය කර්මාන්ත බිල්ලට දීමෙන් නොවන බව ආණ්‌ඩුව වටහාගත යුතුය.

ඒ සඳහා දේශීය කර්මාන්ත ආරක්‌ෂා කෙරෙන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක්‌ සකස්‌ කිරීම තවත් ප්‍රමාද කළ යුතු නැත. මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීමට ආණ්‌ඩුවට දැක්‌මක්‌ පමණක්‌ නොව කොන්දක්‌ද තිබිය යුතුය.

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.