“සයිටම් මුදලාලි ‘නෙවිල්’ සුසිල්ට නඩු දමයි”

October 21 08:54 2017 Print This Article

.

තමාට සහ සයිටම් ආයතනයට එරෙහිව ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා එල්ල කරන අපහාස සම්බන්ධයෙන් රුපියල් මිලියන පන්සියයක වන්දියක්‌ ඉල්ලා ඔහුට එරෙහිව නඩු පැවැරීමට කටයුතු කර ඇති බව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ඊයේ (20 වැනිදා) පැවැසීය. ඕනෑම කෙනෙකුට තම ආයතනයේ නම වෙනස්‌ කිරීමට අයිතියක්‌ තිබෙන බවත් අවුරුදු දහයකට උඩදී සිදුවූ සයිටම් ආයතනයේ නම් වෙනස්‌ කිරීමේ සිද්ධියක්‌ පදනම්කර ගෙන සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා තමාට මෙන්ම සයිටම් ආයතනයට දිගට හරහට මඩ ප්‍රහාර එල්ල කරන බවත් නෙවිල් ප්‍රනාන්දු මහතා කීවේය. ඇමැතිවරයා තවදුරටත් අපහාස කිරීම නතර කිරීම සඳහා ඔහුට එරෙහිව මෙසේ අපහාස නඩුවක්‌ පමුණුවන බව ද නෙවිල් ප්‍රනාන්දු මහතා කීවේය.

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.