“ජනතා විමුක්ති පෙරමුණ යනු යහපාළුවන්ගේ හොර අඹුවයි..” – මහාචාර්ය ධම්මරතන හිමි

October 21 08:45 2017 Print This Article

නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් කිසිසේකම උවමනා නැති බවට මල්වතු අස්ගිරි නිකායන්හි කාරක සංඝ සභාවන් විසින් ගත් තීරණය මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන්ගේම තීරණයක් ලෙස සැලකිය යුතු බවත් උන් වහන්සේලා කාරක සභාවන්හි සභාපතීත්වය දරන නිසා උන් වහන්සේලාගේ පින්තූර පල කිරීමේ කිසිදු නරදක් නැති බවත් අස්ගිරි පාර්ශවයේ මහා ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.
උන් වහන්සේ මේ බව සදහන් කලේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.
අදාල කාරක සභාවක් රැස්වූවේ මහනාහිමිවරුන්ගේ නියමය පරදි බව සදහන් කරන උන් වහන්සේ එදින කල ප‍්‍රකාශය මහ නාහිමිවරුන් දෙදෙනාගේම ප‍්‍රකාශයන් බව වගකීමෙන් කියන බවද සදහන් කලහ.
මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නම් කිසිසේත්ම ගෙන එන්නට ඉඩ නොතබන බවද් උන් වහන්සේ වැඩි දුරටත් එහිදී කියා සිටියහ.
ආසන්න දින කිහිපයේදී මැදගම ධම්මානන්ද හිමියන් විසින් කරන ලද සෘජු ප‍්‍රකාශයන් සම්බන්ධයෙන් සමාජ ජාලාවන්හි අති මහත් ප‍්‍රසාදාත්මක නිර්මාන පලවෙමින් තිබේ. ඇතැම් නිර්මාණයක දැක්වූයේ ‘1815දී සුද්දාගේ කොඩිය බිම දමා පෑගූ වාරියපොල සිරි සුමංගල හිමියෝ යලි වතාවක් මෙරට පහල වී විජාතික ව්‍යවස්ථාවද බිම දමා පාගමින් සිටින බවය.

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.