සයිටම් ගැන වෛද්‍ය සංගමයෙන් අද දැඩි තීරණයක්‌

සයිටම් ගැන වෛද්‍ය සංගමයෙන් අද දැඩි තීරණයක්‌
October 12 07:53 2017 Print This Article

.

සයිටම් ප්‍රශ්නයේදී ආණ්‌ඩුවේ හැසිරීම සහ පෙරේදා (10 දා) පැවැති පෙළපාලියට එල්ල කළ පොලිස්‌ ප්‍රහාරය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගය පිළිබඳව අද (12 දා) පැවැත්වෙන විධායක සභාවේදී තීරණය කරන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ (11 දා) පැවසීය.

විධායක සභාවේදී මේ පිළිබඳ බැරෑරුම් ලෙස සාකච්ඡා කරන බව පැවසූ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා එහිදී දැඩි තීරණ කිහිපයක්‌ ගැනීමට අදහස්‌ කරන බවද කියා සිටියේය.

සිසුන්ට හා දෙමාපියන්ට එල්ල කළ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව කියා සිටි හෙතෙම වෛද්‍ය සභාවේ වර්තමාන කටයුතු රටේ ජනතාවට කිසිසේත් හිතකර නොවන බවද කියා සිටියේය.

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ එම අදහස්‌ පළ කළේ කොළඹ 07. ස්‌ටැන්ලි විඡේසුන්දර මාවතේ පිහිටි රජයේ විද්වත් වෘත්තිකයන්ගේ සංගම් මූලස්‌ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.