පළාත් පාලන කෙටුම්පතට කතානායක අත්සන් තබයි

October 12 14:32 2017 Print This Article

.

පාර්ලිමේන්තුව විසින් පසුගියදා සම්මත කළ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා (සංශෝධන) පනත් කෙටුම්පත් සඳහා කතානායක කරු ජයසූරිය මහතා අද (12 දා) පෙරවරුවේ අත්සන් තබන ලදී.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා බාධාවක්‌ව තිබූ මෙම පනත් කෙටුම්පත් ඡන්ද විමසීමකින් තොරව සියලු පක්‍ෂවල එකඟත්වය මත පසුගිය 09 වැනිදා සම්මත කෙරිණි.

පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දිසානායක යන මහත්aවරුන්ද කතානායකවරයා පනත් කෙටුම්පත් අත්සන් කරන අවස්‌ථාවට සහභාගී වූහ.

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.