දුම්රිය රියෑදුරන් සහ නියාමකයන් හදිසියේම වැඩවර්ජනයක

දුම්රිය රියෑදුරන් සහ නියාමකයන් හදිසියේම වැඩවර්ජනයක
October 12 07:57 2017 Print This Article

.

දුම්රිය රියෑදුරු සහ නියාමකයන් (ගාඩ්වරු) ඊයේ (11 දා) සවස සිට කලින් දැනුම්දීමකින් තොරව හදිසි වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කිරීම නිසා දුම්රිය මගීහු දැඩි අපහසුතාවට පත්වූහ.

දුම්රිය රියෑදුරු සහායකයන් බඳවා ගැනීමේදී රජය විසින් අනුගමනය කරන ලද නව පිළිවෙතට විරුද්ධව දුම්රිය රියෑදුරන් මෙම වර්ජනය ඊයේ (11 දා) සවස 7.00 පමණ සිට ආරම්භ කරන ලදි.

මෙම හදිසි වැඩවර්ජනය නිසා මරදාන සහ කොළඹ කොටුව යන දුම්රිය ස්‌ථානවලින් ඊයේ සවස ගමන් ආරම්භ කරන සියලුම දුම්රිය ධාවනය ඇන සිටියේය.

ඉහත රියෑදුරු සහයකයන් බඳවා ගැනීම සම්බන්ධව ඊයේ (11 දා) සවස අගමැති උපදේශක ජිනසිරි දඩල්ලගේ මහතා ප්‍රමුඛ අගමැති කාර්යාලයේ නිලධාරීන් පිරිසක්‌ සමඟ කරන ලද විශේෂ සාකච්ඡාව අසාර්ථක වීම නිසා මෙම හදිසි වැඩ වර්ජනය ආරම්භ කළ බව වෘත්තීය සමිති නියෝජිතයකු පැවසීය.

දුම්රිය වැඩවර්ජනය නිසා අපහසුතාවට පත්වූ මගීන් කොළඹ කොටුව දුම්රිය ස්‌ථානයේ කලහකාරී ලෙස හැසිරී ඇති අතර එය මැඬපැවැත්වීමට පොලිස්‌ නිලධාරීන් ද කැඳවා තිබිණි.

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.