“සිරිසේන උදහස් වෙයි… – චමල් ඇතුළු ශ්‍රීලනිපයේ පතාකයින් 05ක් සංවිධායක ධුරවලින් දොට්ට දමයි”

October 11 18:35 2017 Print This Article

.

ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ කටයුතු සඳහා සම්බන්ධ වී සිටින, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයන් පස්දෙනකු එම සංවිධායක ධුරවලින්… ඉවත් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව නාවලපිටිය ආසන සංවිධායක මහින්දානන්ද අලුත්ගමගේ, හොරණ ආසන සංවිධායක විදුර වික්‍රමනායක, තිස්සමහාරාම ආසන සංවිධායක චමල් රාජපක්ෂ, රක්වාන ආසන සංවිධායක රන්ජිත් සොයිසා හා වෙන්නප්පුව සම සංවිධායක අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරු වෙනුවට නව ආසන සංවිධායකවරු පත් කිරීමට නියමිතය.මීට අමතරව ඒකාබද්ධ විපක්ෂය සමග කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නොවන පිරිසක්ද ආසන සංවිධායක ධුර දරන අතර ඔවුන්ද එම සංවිධායක ධුරවලින් ඉවත් කර නව සංවිධායක ධුර පත් කිරීමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.