“අද….. මිස්ට ක්ලීන්ගේ වෙස් මුහුණ ගැලවිලා ගිහින්..”

October 11 23:35 2017 Print This Article

.

හැංගි හැංගි බැඳපු වෙස් මුහුණ ගැලවීමට පටන්ගෙන ඇති නිසා වැරැදි කළ පුද්ගලයන් නීතියේ රැහැනට කොටු කර තරාතිරම නොබලා දඬුවම් ලබාදී එදා මැතිවරණ වේදිකාවේදී ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන ලෙසත් විධායක ජනාධිපති ක්‍රමය කිසිවිටෙක ඉවත් නොකරන ලෙසත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින්නේ යැයි ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමිපාණන් වහන්සේ 05 වැනිදා මාධ්‍ය හමුවක් කැඳවමින් ඉල්ලා සිටියහ.උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද පැවැසූහ.”කලින් වතාවක මමත් කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කළ යුතුයි කියලයි. නමුත් දැන් මේ රටේ සිදුවෙමින් පවතින මහා පරිමාණ වංචා දූෂණ දෙස බලද්දී රටට විධායක බලය සහිත ජනාධිපතිවරයකු අවශ්‍ය බවයි වැටහෙන්නේ.ජනාධිපතිතුමාට ඡන්දය දුන් 62,00,000 ජනතාව රටේ යහපත ඔබතුමාගේ අතට පැවැරුවේ නිහඬව සිටීමට නොව සෘජුව වගකීම් ඉටු කිරීමටයි. වටේ සිටින ඇත්තන්ගේ වුවමනාවට ක්‍රියා නොකර හැකි ඉක්මනින් පළාත් සභා, ප්‍රාදේශීය සභා මැතිවරණ පවත්වන ලෙසත් රටේ සමස්ත ජනතාව නියෝජනය කරමින් මා ඉල්ලා සිටිනවා.මේ වනවිට රට පුරා පැතිරෙන ඩෙංගු හා බෝවන උණ රෝගවලට අසරණ දරුවන් ජීවිත බිලි දෙන්නේ කාගේ වරදින්ද..? පළාත් පාලනයට බලධාරීන් නොමැති වීම නිසයි කුණු කඳු කඩා වැටුණේ. අද වනවිට මේ රටේ ප්‍රශ්නවලට ඇති එකම විසඳුම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කියලයි පිරිසක් හිතන් ඉන්නේ. අගමැතිවරයාට මිස්ට ක්ලීන් යැයි කියන බව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සමඟ පැවැති මාධ්‍ය හමුවකදී යමකු පැවැසුවා. දැන් ඒ වෙස් මුහුණු ගැලවී ඉවරයි.රටට ආදරය කරන පුරවැසියකු ලෙස මා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ රටේ මහජන මුදල් මහදවල් මංකොල්ල කෑ පිරිස් වහාම අත්අඩංගුවට ගන්න කියායි. මේ රටේ ජනතාව පොල්ගෙඩිය රුපියල් 100ට, හාල් කිලෝව 100 ගනිද්දී මැති ඇමැතිවරුන්ට සැප වාහන ගන්න නොවේ පැවතුණු ආණ්ඩුව එපා කියලා රටේ ජනතාව යහපාලනයට ඡන්දෙ දුන්නේ. මේ වෙනකොට ජනතාව ඉන්නේ කලකිරීමෙන්. මේ ගැටලුව විසඳන්න ජනාධිපතිට පුළුවන්.මැතිවරණ කොමසාරිස්වරයාට ඔහුගේ තනතුර අමතක වෙලා. ඇයි ඔහුට බැරි දෙපැත්තට වැනෙන ප්‍රතිපත්තිය විසිකර බලය පාවිච්චි කර මැතිවරණ තියන්න.මෙවැනි පුද්ගලයන් මෙවැනි තනතුරුවලට සුදුසු නැහැ. රටේ ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ සෑම දෙයටම උද්ඝෝෂණ තියෙන ඔබට දැන් සිදුව තිබෙන්නේ සර්වජන ඡන්ද අයිතිය ඉල්ලා උද්ඝෝෂණ කිරීමට වීදි බහිමු කියායි. බලධාරීන්ට ඇස් ඇරෙන්නේ ජනතා උද්ඝෝෂණවලින් පසුව නම් අපිට සිදු කිරීමට වෙන්නේ එය යැයි සීලරතන හිමියෝ පැවැසූහ.

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.