මුලතිව් නිවසක ගිනි අබි ගබඩාවක්

මුලතිව් නිවසක ගිනි අබි ගබඩාවක්
October 04 07:41 2017 Print This Article

.

නිවසක් තුල  රහසිගතව ගිනි අවි සහ  පුපුරණ ද්‍රව්‍ය නිශ්පාදනය කළ පුද්ගලයකු මුලතිව්, පුදුකුඩිරිප්පු, දේවිපුරම් ප්‍රදේශයේ දී  ඊයේ (03) අත්අඩංගුවටගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය කියයි.

නිවසක් තුල  මහා පරිමාණයෙන් ගිනි අවි නිශ්පාදනය කරන බවට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවටගත් සැකකරු දීර්ඝ කාළයක් එල්.ටි.ටි.ඊ සංවිධානයේ ගිනි අවි නිශ්පාදනය කිරීමේ අංශයේ සේවය කළ කොටි නායකයෙකු  බවට හඳුනාගෙන ඇති බව පොලිසිය පැවසීය.

සැකකරුගේ නිවසේ තිබී ඛෙහෙත් කොටන තුවක්කු තුනක් , බඳින තුවක්කු හතක් , තුවක්කු සෑදිමට ගන්නා බට 12ක්, ටි.56  මූණිස්සම් කිලෝ දහයක් , වෙඩි බෙහෙත් ග්‍රෑම් 500 ක් හා කියත් , අඬු හා තුවක්කු නිශ්පාදනයට ගන්නා උපකරණ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවටගත් බව පොලිසිය කියයි.

බෙහෙත්කොටන තුවක්කුවක් රුපියල් 10000 මුදලකටත්, බඳින තුවක්කුවක් රුපියල් 5000 මුදලකටත් සැකකරු විවිධ පුද්ගලයින් වෙත අලෙවිකොට අති බව පොලිසිය පවසයි.

පුදුකුඩුඉරිප්පුවේ සිට නිපද වූ ගිනිඅවි මෙන්න..

ltte weppon maker 03 oct 2017 (1) ltte weppon maker 03 oct 2017 (2) ltte weppon maker 03 oct 2017 (3) ltte weppon maker 03 oct 2017 (4)

 

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.