“මහින්ද අණ දුන් හමුදාව අපරාද කළා… බැසිල්ගෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්.. ” ද්වේශසහගත ආන්දෝලනාත්මක පුවත ගැන පොදුජන පෙරමුණෙන් මාධ්‍ය නිවේදනයක්

October 04 07:26 2017 Print This Article

.

මහින්ද අණ දුන් හමුදාව අපරාද කළා.. බැසිල්ගෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්’ යන සිරස්තලය යටතේ බැසිල් රාජපක්ෂ මහතාගේ යාපනය සංචාරය පිළිබදව දිනමිණ පුවත් පතේ පළවු සාවද්‍ය පුවතක් සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක සංජීව එදිමාන්න මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කරුණු පහදා ඇත.බැසිල් රාජපක්ෂ මහතාගේ යාපනය සංචාරය පිළිබද දිනමිණ පුවත ද්වේශසහගත විකෘතියක්……..
බැසිල් රාජපක්ෂ මහතාගේ උතුරු පළාත් සංචාරයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණු දැවැන්ත මහජන ප‍්‍රතිචාරය ගැන ආණ්ඩුව දැඩි ලෙස බියට පත් වී ඇති ආකාරය දැන් රට හමුවේ අනාවරණය වී ඇත. ”මහින්ද අණ දුන් හමුදාව අපරාද කළා…. බැසිල්ගෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් ” යන සිරස්තලය යටතේ අද දිනමිණ පුවත් පතෙහි ආණ්ඩුව විසින් පළ කර ඇති පුවත ආණ්ඩුව බයට පත් වී ඇති ප‍්‍රමාණය තවදුරටත් පැහැදිලි කරයි.එම පුවත මුඵමනින්ම අසත්‍යයක් බව අපි අවධාරණයෙන් ප‍්‍රකාශ කරන්නෙමු. දිනමිණ පුවත්පතෙහි පළ කළ එම පුවත සාවද්‍ය බව තහවුරු කිරීමට අප විසින් ප‍්‍රතිතර්ක ඉදිරිපත් කිරීම අවශ්‍ය නැත. ඒ මන්දයත් වාර්තාකරුවකුගේ නම සදහන් කිරීමකින් තොරව නිර්ණාමික පුවතක් ලෙස එය පළ කර තිබීම තුළින්ම ප‍්‍රවෘත්තියේ අසත්‍යභාවය සහතික කර ඇති බැවිනි. එමෙන්ම සත්‍ය විකෘති කර ජනතාව නොමග යැවීම වත්මන් පාලකයින්ගේ ජන්ම පුරුද්ද වන බැවින් අපි මේ අසත්‍ය පුවත පිළිබද කලබල නොවන්නෙමු.නමුත් රට හමුවේ ඇති බරපතල ව්‍යසන කෙරෙහි වූ මහජන අවධානය වෙනතක හැරවීමේ කූඨ ක‍්‍රමෝපායක් ලෙස අසත්‍ය පුවත් නිර්මාණය කිරීම හමුවේ තවදුරටත් නිහඩව සිටිය නොහැක. අපේ රණවිරුවන් කිසිසේත්ම යුධ අපරාධ සිදුනොකළ බවට වන අපගේ ස්ථාවරයෙහි කිසිදු වෙනසක් නැත. අපි මේ මොහොතේද රටට සහ ලෝකයට අවධාරණය කරන්නේ අපේ රණවිරුවන් යුධ අපරාධ සිදු නොකළ බවයි. මේ විශ්වයේ ඕනෑම සභාවක අපි අද මෙන්ම හෙටත් රණවිරුවන්ගේ ගෞරවය, අභිමානය සහ ජීවිතාරක්ෂාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්නෙමු. යුධ අපරාධ චෝදනාවට එරෙහි වීම අපගේ සදාතනික ස්ථාවරය බව මු`ඵ ලොවම දන්නා බැවින් ඒ පිළිබද තවදුරටත් කරුණු දැක්විය යුතු නැත.නමුත් වර්තමාන ආණ්ඩුව අද අපේ රණවිරුවන් ලෝකය හමුවේ ම්ලේච්ඡු මිනීමරුවන් පිරිසක් ලෙස නම් කර අවසන්ය. තමන්ගේම කැබිනට් ඇමතිවරුන් ලවා රණවිරුවන් යුධ අපරාධකරුවන් ලෙස ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීම තුළින් පැහැදිලි වන්නේ එය ආණ්ඩුවේ නිල මතය බවයි. ජිනීවා යුධ අපරාධ චෝදනා හමුවේ මුණිවත රකිමින් ආණ්ඩුව තවදුරටත් එකී අදහස තහවුරු කර තිබේ. රණවිරුවන්ගෙන් පළිගැනීම ආණ්ඩුවේ රහසිගත මැතිවරණ පොරොන්දුවකි. රණවිරුවන් මිනීමරුවන් ලෙස හන්වඩු ගසමින්, ආබාධිත රණවිරුවන්ගේ ඔලූ පලමින් ආණ්ඩුව මේ ඉටු කරන්නේ එකී පොරොන්දුවයි. අසීරුවෙන් ගොඩනැගූ සාමය හා ජාතික සමගිය බරපතල අනතුරකට ඇද දමමින් ඊණියා ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නට ආණ්ඩුව දරණ අශීලාචාර උත්සාහයද සෘජුවම මේ සමග ගැටගැසෙන්නකි.සියලූ පාර්ශව සමග සාකච්ඡ කර කෙටුම්පත් කළා යැයි කියන ව්‍යවස්ථා අතුරු වාර්තාව අවම වශයෙන් ජනාධිපතිවරයා හෝ දැක නොතිබීම බැලූ බැල්මටම විහිඵ සහගතය.ජාතික සම්පත් විකුණාගෙනකමින්, භික්ෂූන් වහන්සේලාගේ සිට සියලූ ජාතිකවාදී බලවේග කුරිරු ලෙස මර්දනය කරමින්, ජාතික ආර්ථිකය වනසමින්, ජාත්‍යන්තරය හමුවේ රට පාවාදෙමින්, මැතිවරණ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පයින්ගසමින් මේ ආණ්ඩුව යන ¥ෂිත, අශීලාචාර ගමනේ අපකීර්තිය අසත්‍ය ප‍්‍රවෘත්ති නිර්මාණය කිරීමෙන් යටපත් කළ නොහැකි බව අපි දැඩිව අවධාරණය කරන්නෙමු. තමන්ගේ ඡුන්ද බලකොටුවක් ලෙස පෙණුනු උතුරු පළාත පවා මේ වනවිට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග‍්‍රහණය වටා ගොනුවීම ආණ්ඩුවේ අලූත්ම පරාජයයි. මේ හමුවේ විකෘති හැසිරීම් ප‍්‍රදර්ශනය කරමින් ස්වභාවික මහජන මතයට උරුම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවස්ථාවන් උදුරා නොගන්නා ලෙස අපි ආණ්ඩුවට බල කරන්නෙමු. අවසාන වශයෙන්ම අපි ආණ්ඩුවට කියා සිටින්නේ බොරුවෙන් තවදුරටත් ජනතාව රැවටිය හැකි යැයි දකින සිහිනයෙන් වහාම අවදිවන ලෙසයි.
සංජීව එදිරිමාන්න
ප‍්‍රකාශක

basil against divayina 03 Oct 2017

basil against divayina 2 03 Oct 2017

 

 

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.